අපේ රටට දැනෙන්න වැඩක් කරපු රජවරු අතරින් "වට්ටගාමිණී අභය" හෙවත් වළගම්බා රජතුමාට හිමි වෙන්නෙ විශේෂ ස්ථානයක්.
වළගම්බා කියලා කියන්නෙ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වුණු සද්ධාතිස්සගේ බාලම පුත්‍රයා. ඒ වගේම අපේ රටේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දීපු රජවරුන්ගේ නාමාවලියට එකතු වෙන රජ කෙනෙක්. මම අධ්‍යනය කරලා තියෙන විදිහට නම් වැඩිම අභියෝග ගණනකට මුහුණ දීපු රජවරුන්ගෙන් වළගම්බා දෙවෙනි වෙන්නෙ, පොළොන්නරුවේ රජ කළ නිශ්ශoකමල්ල රජතුමාට විතරයි. සද්ධාහිස්සගෙන් පස්සේ එයාගේ පුතාලා වුණු ථූලත්තන, ලජ්ජතිස්ස, ඛල්ලාටනාග කියන තුන් දෙනා පිළිවෙලින් රජකම් කරනවා. ඛල්ලාටනාගගෙන් පස්සෙ රජකම හිමි වෙන්න ඕන වළගම්බා කුමාරයට වුණත්, "මහා රත්තක" කියලා සෙනවියෙක් ඛල්ලාටනාගව මරලා සිoහාසනයේ ඉද ගන්නවා. ඛල්ලාටනාගගෙන් පස්සෙ තමන්ට නීත්‍යානුකූලව හිමි වෙන්න ඕන රජකම ලබා ගැනීම, වළගම්බා රජ්ජුරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණු පළවෙනි අභියෝගයයි. තමන්ට හිමි වෙන්න ඕන රජකම ලබා ගෙන, සිoහාසනයේ ඉද ගෙන හුස්ම ගන්නවත් වළගම්බා රජ්ජුරුවොන්ට හම්බුනේ නෑ. විශාල අභියෝග තුනකට එක පාර මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක පැත්තකින් දෙමළ කුමාරවරු හත් දෙනෙක් විශාල ද්‍රවිඩ හමුදාවක් එක්ක, අපේ රට ආක්‍රමණය කරනවා. තවත් පැත්තකින් "තීය" කියලා බ්‍රාහ්මණයෙක් රජ්ජුරුවොන්ට විරුද්ධව විශාල කැරැල්ලක් ගෙනි යනවා. තවත් පැත්තකින් "බැමිණිතියා සාය" කියලා විශාල සාගතයක් ඇති වෙනවා. රටට විශාල අදුරු යුගයක් එළඹෙනවා. දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා වෙනවා. මේ අභියෝග ඔක්කොටම එකපාර මුහුණ දෙන්නෙ |
කොහොමද කියලා හිත හිතා ඉන්න වළගම්බා රජ්ජුරුවන්ට, තීය බ්‍රාහ්මණයගෙන් පණිවිඩයක් එනවා. "අපි අද අගනුවර වටලලා තමුසෙව ඉවරයක් කරනවා. හෙට උදේ එළිය දකින්න තමුසේ ජීවත් වෙලා ඉන්නෙ නෑ. හෙට ඉදන් ඔය SEAT එකේ වාඩි වෙන්නෙ මම. අපෙන් බේරෙන්න පුලුවන් දෙයක් කරපo". මේ පණිවිඩය කියවන වළගම්බා රජ්ජුරුවන්ට ගණ දෙවි නුවණ පහළ වෙනවා. වළගම්බා රජ්ජුරුවො, තීය බ්‍රාහ්මණයට මෙහෙම පණිවිඩයක් යවනවා. "මචo අපි එක රටේ මිනිස්සු. මේ වෙලාවෙ ඉන්දියාවෙන් මෙහාට ලොකු ATTACK එකක් වෙනවා. මේ අලකලoචිය අස්සෙ, එකම රටේ මිනිස්සු වෙච්ච අපි අපි ගහ මරා ගෙන හරියනවද..??? එහෙම නෙවේ. මේ වෙලාවෙ අපි එකතු වෙන්න ඕන. තමුසෙ ගිහින් ද්‍රවිඩයන්ට ගහලා උන්ගෙන් මේ රට බේරගත්තොත්, කිසිම ගේමක් නැතුව මේ SEAT එක මම නිකන්ම උඹට භාර දෙනවා".. කොහොමද වළගම්බා රජ්ජුරුවොන්ගෙ ප්ලෑන..??? මේකට කියන්නෙ "නීතිමා ක්‍රමය" කියලා. ඒ කියන්නෙ "තල්පතකින් තල්පතක් සිදින්නා සේ, සතුරාගෙන් සතුරා විනාශ කිරීමේ" යුද්ධ උපක්‍රමයකට. වළගම්බාගෙ උගුලට තීය අහු වෙනවා. මේ කියන්නෙ ඇත්තක් කියලා හිතපු තීය බමුණා, ලොකු හමුදාවක් අරන් ගිහින්, දෙමළ හමුදාව එක්ක විශාල යුද්ධයක් කරනවා. දෙපැත්තෙම දහස් ගණනක් මැරෙනවා. තුවාල වෙනවා. අන්තිම මොහොතෙ සටනට නායකත්වය දීපු තීය බ්‍රාහ්මණයත් මැරුම් කනවා.
ඔහොම යනකොටනෙ ඔය "ගිරි" කියන නිගන්ඨයා "මහා කළු සිoහලයා පලා යනවා" කියලා රජ්ජුරුවන්ට අපහාස කරන්නෙ. වළගම්බා රජතුමා කියලා කියන්නේ ඉක්මනින් කිපෙන සුළු රජ කෙනෙක්. හරියට ශ්‍රී වික්‍රමරාජසිoහ රජතුමා වගේ. පොඩි දේකටත් ලොකු කේන්තියක් එනවා. "කපීශීෂ"ට වුණු සිද්ධිය මේකට හොද උදාහරණයක්. කපීශීෂ කියලා කියන්නෙ වළගම්බා රජ්ජුරුවන්ට හිටිය හොද හමුදා නායකයෙක්. දක්ෂයෙක් වගේම බොහොම කරුණාවන්ත කෙනෙක්. මේ නිසා හැම සෙබලෙකුගේම හිත දිනා ගෙන හිටියා. බොහෝම විශ්වාසවන්තයි. පොත්පත්වල තියෙන විදිහට නම් මේ සිදුවීම වෙන්නෙ මෙහෙමයි. දෙමහල් ගොඩනැගිල්ලක තරප්පු පේළියෙන් කපීශීෂ පහළට බැහැ ගෙන බැහැ ගෙන එනකොට, පල්ලෙහයින් රජ්ජුරුවො ඉහළට නගින්න අඩිය තියනවා. තරප්පු පේළියෙන් දෙන්නෙක්ට හුවමාරු වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් ප්‍රමාණවත්. කපීශීෂ පහළ තට්ටුවට අඩිය තියන්න ඔන්න මෙන්න හිටියෙ. ආයිත් උඩට නගින එකේ තේරුමක් නැති නිසා, නැවතුනු තැනම නැවතිලා, රජ්ජුරුවොන්ට උඩ මහලට නගින්න ඉඩ දීගෙන හිටියා. කිසිම කලබලයක් නැතුව උඩු මහලට නගින රජ්ජුරුවෝ, කපීශීෂව පහු කරනවත් එක්කම, කඩුවෙන් බෙල්ලට ගහලා මරලා දානවා. හේතුව ඇවිල්ලා "රජ කෙනෙකුට ඉහළින් සිටීම". මේ නිසා තමයි හමුදාව රජ්ජුරුවො අත හැරලා යන්න හැදුවෙත්. ඉතින් එහෙම එකේ ගිරි නිගන්ඨයාගේ කීම අහලා රජ්ජුරුවො හැරෙන තැපෑලෙන් ආයිත් ආවා නම්, ගිරි නිගන්ඨයාගෙ කෑලිවත් ඉතිරි වෙන එකක් නෑ. ඒත් වළගම්බා රජතුමා එහෙම කළේ නැති එක හරිම පුදුම සහගතයි. ඒ දෙමළ හමුදාව පස්සෙන් පන්නන නිසා , බේරිලා යන්න තිබුණ හදිස්සියට වෙන්න ඇති. ගිරි කියලා කීයන්නෙ තනි පුද්ගලයෙක්. තනි පුද්ගලයෙක් ඒ වගේ දැවැන්ත රජ කෙනෙක්ට ඒ වගේ ප්‍රකාශයක් කරපු එක ගැන අපි ටිකක් හිතලා බලන්න ඕන.
ඉතිහාසඥයන්ගේ මතය අනුව නම් ගිරි නිගන්ඨයා කිසියම් ආගමික හෝ සාමාජීය සoවිධානයක සාමාජිකයෙක්. එයා තුළින් කිය වුණේ මිනිසුන් දහස් ගණනකගේ මතයක්. හරියට ජනතා නියෝජිතයෙක් වගේ. එක පුද්ගලයෙක්. හැබැයි විශාල ජනතාවකගේ නියෝජනයක්. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙනකොට සුභද්‍ර හාමුදුරුවන්ගේ අභද්‍ර ප්‍රකාශයත් හරියටම මේ වගේ සිද්ධියක්. "ඇවැත්නි, ශෝක කරන්න එපා. වැළපෙන්න එපා. දැන් අපි බුදුරජාණන් වහන්සේගෙන් නිදහස්ව සිටිමු. මෙය ඔබට සුදුසු ය. මෙය ඔබට නුසුදුසුය. යනුවෙන් උන්වහන්සේ නිති පැනවීම නිසා අපි වෙහෙසට පත් වුනෙමු. දැන් අපි කැමති දේ කරමු. අපට අකමැති දේ නොකරමු." |
මේ ප්‍රකාශයෙනුත් පෙන්නුම් කෙරෙන්නේ භික්ෂූන් රාශියකගේ සිතුවිල්ලක්. සුභද්‍රගේ ප්‍රකාශයෙන් නියෝජනය වෙන්නේ අන්න ඒ භික්ෂූන් වහන්සේලාවයි. ඒ කියන්නේ සුභද්‍ර හැරුණු කොට තවත් භික්ෂූන් රාශියක්, බුදුන් වහන්සේගේ පරිනිර්වාණය වෙනකන් බලා ගෙන ඉදලා තියෙනවා. කලින් කිව්වා වගේම ගිරි නිගන්ඨයාගේ ප්‍රකාශයෙනුත් නිරූපණය වෙන්නේ ජනතාවගේ මතයක්. ඒ කියන්නේ අපේ රටේ තවත් පිරිසක් බලා ගෙන ඉදලා තියෙනවා, වළගම්බා රජ්ජුරුවන්ට රාජ්‍යත්වය අහිමි වෙනකන්. තීය බ්‍රාහ්මණයත් මේකට හොද උදාහරණයක්.
පස්සෙන් පන්න ගෙන එන දෙමළ හමුදාවෙන් බේරෙන්න, වළගම්බා රජතුමත් බිසවත් අශ්ව කරත්තයකින් මලය දේශයට පලා යනවා. සටනකදී පසු බැසීම කියලා කියන්නෙත් එක්තරා ආකාරයක අවස්ථානෝචිත ප්‍රඥාවක්. ඒත් පොඩ්ඩ දුරක් යන කොට කරත්තයේ වේගය එන්න එන්නම අඩු වෙනවා. ඒ කරත්තයේ බර වැඩි නිසා. ඉතින් රජ්ජුරුවන්ගේ බිසව, තමන්ගේ කැමැත්තෙන්ම අශ්ව කරත්තෙන් බැහැලා රජ්ජුරුවන්ට පලා යන්න ඉඩ සලස්වනවා. ඉතින් සෝමා දේවිය කියන්නේ ශ්‍රේෂ්ඨ කාන්තාවක්. සෝමා දේවිය ඒ වගේ තීරණයක් ගත්තෙ නැත්නම් එදා සෝමාදේවිය වගේම, වළගම්බා රජ්ජුරුවොත් ද්‍රවිඩ සේනාවට අහු වෙනවා. එහෙම වුණා නම් අපේ රටේ ඉතිහාසය තවත් අයහපත් විදිහට වෙනස් වෙන්නත් ඉඩකඩ තිබ්බා.

සෝමා දේවිය අශ්ව කරත්තේ බර අඩු කරන්න ස්වේච්ඡාවෙන්ම බිමට බැහැලා රජ්ජුරුවන්ට පැනලා යන්න දුන්නෙ රජ්ජුරුවන් තමාගේ ස්වාමියා වුණු නිසා නෙවේ. මේ රටේ පාලකයා නිසා. පාලකයා හිටියොත් රට ආරක්ෂා වෙනවා. රට රැකෙනවා. පාලකයා කොහේ හිටියත් පාලකයම තමයි. පාලකයා ජීවතුන් අතර හිටියොත්, එයාට පුළුවන් අනාගතයේ කවදා හරි දවසක නැගී සිටින්න. පාලකයා නැති වුණොත් මුළු රටම නැති වෙනවා. මතකනෙ 1815දි අපේම එවුන්, ශ්‍රී වික්‍රමරාජසිoහ රජ්ජුරුවන්ව සුද්දන්ට අල්ලලා දුන්න හැටි...???? 1815 ඉදන් අපේ රටේ ආර්ථික, සාමාජීය, දේශපාලනික, ආගමික, සoස්කෘතික වශයෙන් අවුරුදු 200ක් තිස්සෙ අපේ රටට වෙච්ච වින්නැහියේ ප්‍රතිඵල අදටත් දකින්න තියෙනවනෙ. ආගම දහමක් අදුරන්නෙ නැති, සoස්කෘතියක් කියලා දෙයක් තියෙනවද කියලවත් දන්නෙ නැති කළු සුද්දො රැලක් බිහි වෙලා ඉන්නෙ අන්න ඒක නිසයි. ශ්‍රී වික්‍රමරාජසිoහ රජතුමාව බ්‍රිතාන්‍යන් ඉන්දියාවට ගෙනියන කොට රජ්ජුරුවො බ්‍රිතාන්‍යන්ට කිව්වෙ "අපේම උන් මාව උඹලට අල්ලලා දුන්නා. මම තව ටික කලක් හිටිය නම්, උඹලට ගහලා මේ රටින් උඹලව අතු ගාලා දානවා" කියලයි.
මෙන්න මේ කාරණාව නිසා තමයි 2005 ඉදන් 2009 වෙනකන් අපේ රටේ යුද්ධය ගොඩක් දරුණුවට තිබුණු කාල වකවානුවේ අපි ජාති,ආගම්,කුල,මල,පක්ෂ,පාට භේද අත හැරලා, රටේ ජනාධිපතිවරයා වටා එකතු වුණේ. ජනාධිපතිවරයව ආරක්ෂා කළේ. ජනාධිපතිවරයාට සහය ඵල කළේ. මොකක් හරි වෙලා, ජනාධිපතිවරයා ඝාතනය වුණා නම් අපේ රටේ හමුදාවට Orders දෙන්න රාජ්‍ය නායකයෙක් නෑ. කෙලින්ම ප්‍රභාකරන් නිරුපද්‍රිතව කොළඹට ඇවිල්ලා ජනාධිපති මන්ධිරය වටලලා, අපේ රටේ ජනාධිපති වෙලා දරුණු පාලනයක් කර ගෙන යනවා. රටේ පාලකයට වගකීම් සමූහයක් තියෙනවා. ඒ වගේම ආයතන, ත්‍රිවිධ හමුදාව, අමාත්‍යාoශ, දෙපාර්තමේන්තු .... මේ හැම එකක්ම තියෙන්නෙ ජනාධිපතිවරයා යටතේ. මේවට නියෝග දෙන්න, පාලකයා නැති වුණාම මේ ඔක්කොම අවුල් ජාලයක් වෙනවා.
ඉතින් සෝමා දේවිය ගොඩක් දුර දිග කල්පනා කළා. ඒ නිසා සෝමා දේවිය ගොඩක් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. සෝමා දේවිය ද්‍රවිඩයන්ට අහු වෙනවා. වළගම්බා රජ්ජුරුවන් මලය දේශයට පලා යනවා. අපේ රට අල්ල ගන්න මෙහාට ආපු හමුදාවට නායකත්වය දීපු ද්‍රවිඩ කුමාරවරුන්ගෙන් එක්කෙනෙක් සෝමා දේවියවත් අරන් ඉන්දියාවට යනවා. තවත් එක්කෙනෙක් බුදු හාමුදුරුවන්ගේ පාත්‍ර ධාතුව අරන් ඉන්දියාවට යනවා. පුලහත්ථ, බාහිය, පණයමාර, පිළයමාර, දාඨික කියන ඉතිරි නායකයන් පස් දෙනා පිළිවෙලින් අපේ රටේ රජකම් කරනවා. වළගම්බා රජ්ජුරුවෝ අවුරුදු 14කුත්, මාස 7කුත් මලය දේශයේ ඉදන් හමුදාව ස0විධානය කරනවා. රට බේර ගන්න සැලසුම් හදනවා. වළගම්බා රජ්ජුරුවන්ට මේ කර්තව්‍යය සාර්ථකව ඉටු කර ගන්න ගොඩක්ම මහන්සි වුණේ "කුපික්කලතිස්ස" කියන හාමුදුරුවෝ. රටේ ජාතික අවශ්‍යතාවය ගැන මිනිස්සුන්ගේ මොළවලට කා වැද්දුවා වගේම, ජනතා පක්ෂපාතීත්වයත් රජ්ජුරුවන් වෙත ලබා දුන්නා. කුපික්කලතිස්ස හාමුදුරුවන්ගේ කැපවීම නොතිබෙන්න, වළගම්බා රජ්ජුරුවො මේ රට ද්‍රවිඩ පාලනයෙන් මුදවා ගන්නවා බොරු.

ඒ තරමට කුපික්කලතිස්ස හාමුදුරුවෝ අපේ රට වෙනුවෙන් ලොකු සේවාවක් කරනවා. ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වෙන්න ඕන හිමි නමක්. මෙන්න මෙහෙමයි හාමුදුරුවරු දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ. ඒ රටේ පාලකයාට උදව් කරන්න, මග පෙන්වන්න, අවවාද අනුශාසනා ලබා දෙන්න මිසක් ඡන්දෙ ඉල්ලන්න නම් නෙවේ.ඒ වගේම කඩේ යන්නත් නෙවේ. මේක බොහොම සද්භාවයෙන් සිද්ධ කළේ. කොහොමින් කොහොම හරි අවුරුදු 14යි මාස 7ක් සැගවිලා හිටපු වළගම්බා රජතුමා, ද්‍රවිඩ නායකයන්ගෙන් අවසානතම පාලකයා වුණු දාඨිකව පරද්දලා, අපේ රට එක්සේසත් කරනවා. ද්‍රවිඩ පාලනයෙන් රට මුදවා ගෙන, දෙවෙනි පාරත් රටේ "රජු" විදිහට වැඩ භාර ගන්නවා.
ක්‍රි.පූ 88 වන වසරේදී 2 වන වරටත් රාජ්‍යත්වය ලබා ගත්තු වළගම්බා රජතුමාගේ එක් මහා කර්තව්‍යක් වුණේ අභයගිරි විහාර සoකීර්ණය ගොඩ නැoවීමයි. මහා වoශය අනුව නම් මේ විහාර සoකීර්ණය ගොඩ නගන්නෙ යුද්ධ ජයග්‍රහණයට තමන්ට උදව් කළ කුපික්කලතිස්ස හාමුදුරුවන්ට කරන කළගුණ සැළකීමක් විදිහට. මේ සoකීර්ණය නිර්මාණය කරන්නෙ, වළගම්බා රජතුමා ද්‍රවිඩයන්ගෙන් බේරෙන්න මලය දේශයට පැනලා යන කොට, තමන්ට අපහස කරපු ගිරි නිගන්ඨයාගේ ආරාමය තිබුණු තැනමයි. හැබැයි ආරාමය කඩලා දාලා. නිගන්ඨයාගේ නමේ මුල් කොටසත් (ගිරි ) , රජ්ජුරුවන්ගෙ නමේ අග කොටසත් (අභය ) එකට එකතු කරලා තමයි |
"අභයගිරි" කියලා දාලා තියෙන්නෙ. මහා වoශයට අනුව නම් මේක "පෞද්ගලික ආරාම පූජාවක්" වෙනවා. මහා වoශයට අනුව භික්ෂු ශාසනයේ සම්ප්‍රදාය පොදු දේපල ක්‍රමයක්. සියලු පූජා පොදු අයිතිය පදනම් කර ගෙනයි පූජා කෙරෙන්නෙ. ඉතින් පෞද්ගලික පූජාවක් විදිහට අභයගිරි විහාර පූජාව හදුන්වපු, මහා විහාරයේ භික්ෂූන් වහන්සේලා කුපික්කලතිස්ස හාමුදුරුවන්ට දඩුවම් කරන්න ලෑස්ති වුණා. මේ නිසා කුපික්කලතිස්ස හාමුදුරුවන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙක් වුණු "බහලමස්සුතිස්ස" හාමුදුරුවෝ, 500ක් හාමුදුරුවරු එක්ක, කුපික්කලතිස්ස හාමුදුරුවන්ට සහයෝගය පල කරන්න අභයගිරියට යනවා. ඉතින් මහා වoශයට අනුව මෙතන නිකාය භේදයක් ඇති වෙනවා වගේම, ලoකාවේ පළවෙනි නිකාය භේදයේ නිර්මාපකයා විදිහට වළගම්බා රජ්ජුරුවෝ ඉතිහාසගත වෙනවා. එතනින් පස්සෙ මහා විහාරයයි, අභයගිරියයි වෙන වෙනම ගමන් කරනවා.
ඒත් මගේ මතය අනුව නම් මේ ඔක්කොම බොරු. අභයගිරිය කිව්වම අපි ඔක්කොටම මතක් වෙන්නෙ චෛත්‍යයක්. ඒත් ඇත්තටම මේක විහාර සoකීර්ණයක්. චීන ජාතික පාහියන් හාමුදුරුවන්ගේ දේශාටන වාර්තා වලට අනුව නම් මේකෙ දේශීය සහ විදේශීය භික්ෂූන් වහන්සේලා 5000ක් නේවාසිකව වැඩ හිටියා. එතකොට මේකේ පිරිසිදු කිරීම් කරන සේවකයන්, මුරකරුවන්, උපාසක උපාසිකාවන්... මේ හැමෝම ගත්තම 6000ක් විතර අභයගිරියේ භූමි සීමාවේ ගැවසෙන්න ඇති. ඒ විතරක් නෙවේ. අද අපි අනුරාධපුරේ ගියාම දකින සමාධි බුදු පිළිමය, බිසෝ කොටුව, කුට්ටම් පොකුණ, රත්නප්‍රාසාදය .... මේ හැම දෙයක්ම පිහිටලා තියෙන්නෙත් අභයගිරි විහාර භූමියේ. ඉතින් ඒ කාලයේ මේ සoකීර්ණය කොච්චර ලොකුවට තියෙන්න ඇතිද..??? මේ වගේ ලොකු නිර්මාණයක්, හරියට මහා බ්‍රහ්මයා ලෝකය මැව්වා වගේ කරන්න බෑ. අඩුම තරමේ අවුරුදු 10කට ආසන්න කාලයක්වත් යන්න ඇති.
ඉතින් මේ වගේ විශාල ව්‍යාපෘතියක් ඉදි වෙන කොට මහා විහාරයේ හාමුදුරුවරු ඇස් පියාගෙනද හිටියේ හැබෑටම..??? අපි වුණත් අහල පහල ගෙදරකට අලුතින් කට්ටියක් පදිoචියට එන කොට හොයලා බලනවනෙ, එයාලගෙ පවුල් පසුබිම. කවුද දන්නෙ කසිප්පු විකුණන අයද කියලා..!!!! ඉතින් මහා විහාරයේ අය හොයලා බැලුවෙ නැද්ද ඇයි මේක හදන්නෙ, කාටද හදන්නෙ, කාගෙ අදහසක්ද මේ කියලා..???? මේක හදන කොට එයාලට මේක නවත්තන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑ. ඊ ළගට කුපික්කලතිස්ස හාමුදුරුවන්ට මේක පූජා කරන කොට ලොකු රාජකීය මට්ටමේ උත්සවයක් ගන්න ඇතිනෙ. එතනදි නවත්තන්න තිබ්බනෙ "ඕක වැරදි වැඩක්" කියලා. එහෙම කළෙත් නෑ. මේක කුපික්කලතිස්ස හාමුදුරුවන්ට පූජා කරලා ඉවර වුණාම තමයි විරුද්ධ වෙන්නෙ.
අනිත් එක තමයි මේක පෞද්ගලික ආරාම පූජාවකුත් නෙවේ. ගෙදරකට හාමුදුරුවරු හත් නමක් වඩම්වලා දානයක් දුන්නොත්, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, මේ දානය දෙන්නෙ ඒ හාමුදුරුවරු හත් නමට විතරයි කියලා. ඒකෙන් අදහස් වෙන්නෙ මේ ලෝකයේ වැඩ සිටින සමස්ථ භික්ෂූන් වහන්සේලා උදෙසා මේ දානය පූජා කරනවා කියන එක. මහානාම හාමුදුරුවන්ගේ කරුණුවලට අනුව එහෙනම් සාoඝික දානයත් පෞද්ගලික පූජාවක් වෙනවා. ලෝකයේ ඉන්න හාමුදුරුවරුන්ගෙන්, හාමුදුරුවරු හත් නමකට විතරයිනෙ දන් දෙන්නෙ. කෝ එතකොට අනිත් හාමුදුරුවරු..??? එහෙම වෙන්නෙ නෑනෙ..??? ඒක නිසා මේක පෞද්ගලික ආරාම පූජාවක් වෙන්න කොහෙත්ම බෑ. අභයගිරි පූජාව කියන්නෙත් පොදු පූජාවක්. ඒ නිසා හැම භික්ෂුවකටම අභයගිරිය ගැන පොදු අයිතියක් තියෙනවා.

අභයගිරියට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ලැබෙනවා. එතකොට පිටරටවලින් ථේරවාදී වගේම, මහායානික හාමුදුරුවරුත් අධ්‍යාපනය ලබන්න එනවා. අභයගිරිය හදලා අවුරුදු ගණනාවකට පස්සෙ තමයි මහායානික හාමුදුරුවරුන්ගේ පැමිණීම සිද්ධ වෙන්නෙත්. ඊට පස්සෙ තමයි නිකායවල් බිහි වෙන්න පටන් ගන්නෙ (ධර්මරුචි නිකාය ) . එහෙම නිකායවල් බිහි වුණත් නිකාය භේදයක්, එහෙමත් නැත්නම් භික්ෂූන් අතර ඔය කියන විදිහේ භේදයක් තිබල නෑ. එහෙනම් ඇයි මහා වoශය ලියන මහානාම හාමුදුරුවෝ වළගම්බා රජ්ජුරුවන්ව, කුපික්කලතිස්ස හාමුදුරුවන්ව පල්ලෙහට ඇදලා දාන්න නිකාය භේදයක් සහ පෞද්ගලික ආරාම පූජාවක් එළියට ඇද්දෙ..??? ඒ මහා වoශය ලියන මහානාම හාමුදුරුවොත් මහා විහාරයේ හාමුදුරු නමක් නිසා.
අභයගිරියෙ ස්වාධීන ආයතනයක දකින්න පුළුවන් හැම ලක්ෂණයක්ම තිබුණා. ඒක පූර්ණ විශ්ව විද්‍යාලයක් බවට පත් වෙනවා. මහා විහාරයට වඩා සැප පහසුකම් අතින් ගොඩක් ඉහළයි. ඒ වගේම ඉස්තරම්. අද කාලේ හැටියට ගත්තොත් Peo Tv, පිහිණුම් තටාක, AC තියෙන Place එකක්. ඉතින් වෙනත් රටවලින් එන හාමුදුරුවරු ඔක්කොම ටික වැඩම කරන්නෙ අභයගිරියට. මහා විහාරයට වඩා අභයගිරිය ජනප්‍රිය වෙන කොට, මහා විහාරයේ තිබුණු ජනප්‍රියත්වය අඩු වෙනවා. ඒ නිසා මහා විහාරයේ හාමුදුරුවරු, අභයගිරියත් එක්ක ලොකු ඊර්ෂ්‍යාවකින් හිටියා. මේ නිසාම මහානාම හාමුදුරුවොත්, ඒ ඊර්ෂ්‍යාව පදනම් කර ගෙන වළගම්බා රජතුමාට, මහා වoශයෙන් පුලුවන් තරම් ගහන්න ගත්තා.

ඒ වගේම සෝමා දේවිය අශ්ව කරත්තයෙන් බැහැලා, රජ්ජුරුවන්ට පලා යන්න සලස්වපු ස්ථානයේ, "ලoකාරාමය" ඉදි කරනවා. ලoකාරාමය කියලා කියන්නේ අනුරාධපුර අටමස්ථාන වලින් එකක්. ඒ වගේම මුල් කාලයට අයත් වටදා ගෙයක් තිබුණු බවට, චෛත්‍යය වටේ තියෙන ගල් කණු සාක්ෂි සපයනවා.
ඒ වගේම දඹුල්ල ලෙන් විහාරය නිර්මාණය කිරීමේ ගෞරවයත් හිමි වෙන්නෙ වළගම්බා රජතුමාටයි. ලoකාවේ විශාලතම ලෙන් විහාරය විදිහට සැළකෙන්නෙත් දඹුල්ල විහාරයම තමයි. අඩි 2000ක් දිග, අඩි 500ක් උස විශාල කළු ගලින් බෙදී ගිය ලෙන් 5ක විශාල බුදු පිළිම, දේව රූප, රජ රූප සහ බිතුසිතුවම් දකින්න පුළුවන්. මේවා අවුරුදු 2000කටත් වඩා පරණයි කියලා පොත්පත්වල සදහන් වෙනවා.
මීට අමතරව ලෙනවර රජමහා විහාරය, වළගම්බා රජමහා විහාරය, සෝමාදේවී විහාරය වගේ විහාරස්ථාන ගණනාවක් නිර්මාණය කරන්න අනුග්‍රහය ලබා දෙනවා.
මාතලේ "ආලෝක විහාරය" හෙවත් "අළු විහාරයේ" ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමත් වළගම්බා රාජ්‍ය සමයෙම සිද්ධ වුණු එක තවත් විශේෂත්වයක්. කලින් කිව්වා වගේම මේ කාලය තුළ අපේ රටේ තිබුණු මහා සාගතය නිසා දහස් ගණන් භික්ෂූන් වහන්සේලා අපවත් වුණා. බොහෝ පිරිසක් මේ දේශගුණය ඉවසගන්න බැරුව වෙනත් වෙනත් රටවල් වලට වැඩම කළා. මේ වෙන කොට තිබුණේ ධර්මය කට පාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන ක්‍රමයක්. ඉතින් භික්ෂූන් වහන්සේලාගේ අපවත් වීම නිසා බුද්ධ ධර්මය අපේ රටෙන් මැකිලා යන්න පටන් ගත්තා. පොත්පත්වල තියෙන විදිහට නම් මේ මහා සාගතය නිසා, සමහරක් හාමුදුරුවරු අපවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් පොළොවේ, වැල්ලෙ තමන්ට ඒ වෙලාවේ මතකයට එන ධර්ම කරුණු සටහන් කළාලු. තවත් හාමුදුරුවරු අපවත් වෙන්න යන බව දැන ගෙන, අසාධ්‍ය තත්වයේ හිටියත්, තමන්ගේ ළග ඉන්න හාමුදුරුවරුන්ට කණට කොදුරලා තමන් දන්න දහම් කරුණු දේශනා කළා. මේ මහා සාගතය නිසා ඒ හාමුදුරුවරුත් ඉක්මනින්ම අපවත් වෙන බව දැන දැනත් මේ දේවල් කළේ, අසිරිමත් ශ්‍රී සද්ධර්මය තව මොහොතකට හරි ආරක්ෂා කරන්නයි.

මේ නිසා අපේ හාමුදුරුවරු 500 නමක් එකතු වෙලා ගොඩක් වටිනා තීරණයක් ගන්නවා. ඒ තමයි බුදුන් වහන්සේ දේශනා කරපු
84 000ක ධර්ම ස්කන්ධය හෙවත් සූත්‍ර, විනය, අභිධර්ම කියන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම. බුදු දහම කට පාඩමින් පවත්වා ගෙන යනවා වගේම, ග්‍රන්ථවලත් ඒ දේවල් සටහන් කරනකොට, ආයිත් මේ වගේ සාගතයක් ආවත් බය වෙන්න දෙයක් නෑ. මොකද ධර්මය මේ පොත්වල සටහන් වෙලා තියෙන නිසා. |
මහා වoශයට අනුව මේ විශේෂ කටයුත්තට අනුග්‍රහය දුන්න කෙනෙක් හොයා ගන්න නෑ. ඒත් මේකට ප්‍රාදේශීය නායකයෙක් හරි අගමැතිවරයෙක් හරි අනුග්‍රහය දුන්නා කියලා මතයක් තියෙනවා. මේ කර්තව්‍යට අත ගහන්නෙ මහා විහාරයේ හාමුදුරුවරු. වළගම්බා රජතුමා අනුග්‍රහය දුන්න බවක් මහා වoශයේ සදහන් වෙන්නෙ නැත්තෙ, වළගම්බා රජතුමා මහා විහාරයත් එක්ක අභයගිරිය නිර්මාණය කරලා ප්‍රශ්නයක් ඇති කර ගත්තු නිසා වෙන්න ඇති කියලා ඉතිහාසඥයන් කියනවා. එත් මගේ "පුද්ගලික" මතයට අනුව නම් මේක මහානාම හාමුදුරුවන්ගෙ ප්ලෑනක්. මහානාම හාමුදුරුවන් මහා වoශය ලියන කොට පක්ෂග්‍රාහී බවක් පෙන්නුම් කරලා තියෙනවා. ඒක නිසා මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරුන්ව මහා වoශයේ ඉහළින්ම වර්ණනා වෙනවා. මහා විහාරයත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තු රජවරුන්ව විවේචනය වෙනවා වගේම, මහා වoශයෙන් ඉවතට විසික් වෙනවා. පරිච්ඡේද 32න් 11කම පෙනී ඉදලා දුටුගැමුණු රජ්ජුරුවෝ "මහා වoශයේ" වීරයා වෙන්නෙ අන්න ඒ නිසයි. ඒත් මේ පක්ෂග්‍රාහී බව නිසා රජවරුන්ගේ සැබෑ ඓතිහාසික තොරතුරු යටපත් වෙලා යන එකයි වෙන්නෙ. දේශපාලනික අoශය අතින් ගත්තොත් වළගම්බා රජ්ජුරුවෝ දුටුගැමුණු රජ්ජුරුවන්ට වඩා යුද්ධ ජයග්‍රහණයට ලොකු වෙහෙසක් ගත්තා. අපේ වචන වලින් කියනව නම් "ලොකු කට්ටක්" කෑවා. කාවන්තිස්ස රජ්ජුරුවෝ යුද්ධ කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරලා තිබුනු නිසා, දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ රජ වුනු ගමන් එළාරට ගහන එක විතරයි. ඒත් වළගම්බා රජ්ජුරුවන්ට මේ ඔක්කොම අවුරුදු 14ක් තිස්සේ එකින් එක එකින් එක ප්ලෑන් කරන්න වුණා.
දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ එළාරගේ පාලනයෙන් අපේ රට මුදවා ගන්න විතරයි. ඒත් වළගම්බා රජතුමාට එකව අභියෝග 4කට මුහුණ දෙන්න වෙනවා (තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල, සත් ද්‍රවිඩ ආක්‍රමණය, ගිරි නිගන්ඨයා, බැමිණිතියාසාය ) . දුටුගැමුණු රජ්ජුරුවො යුද්ධ කරන කොට අපේ රට ආහාර අතින් ස්වයoපෝෂිත් වෙලා තිබුණා. ඒත් වළගම්බා රජ්ජුරුවන්ගේ කාලයේ ලොකු ආහාර හිගයක් තිබුණා. මේ සාගතය අවුරුදු 14කටත් වඩා තිබුණා. මෙහෙම බලනකොට මහා වoශයේ වීරයා වෙන්න ඕන වළගම්බා රජතුමා.

මගේ "පුද්ගලික අදහස" වළගම්බා රජතුමා මේකට සහයෝගය දුන්නා කියන එකයි. මොකද මේක මහා පරිමාණයේ යෝධ ව්‍යාපෘතියක්. බුදු හාමුදුරුවන්ගේ 84 000ක ධර්ම ස්කන්ධය සූත්‍ර, විනය, අභිධර්ම විදිහට කොටස් 3කට බෙදලා ඒවා එකින් එක, පුස්කොල පොත්වල සටහන් කරන්න ඕන. ඊට පස්සෙ ඒවා කිහිප වරක් නැවත නැවත කියවලා, වැරදි නිවැරදි කර ගන්න ඕන. ඊට පස්සෙ මේකෙන් පිටපත් ගොඩක් ගන්න ඕන. ඒ වගේම තවත් පිටපත් වගයක් වෙනම අරගෙන එව්වා අනිත් බෞද්ධ රටවලටත් යවන්න ඕන. ඉතින් මේ වගේ දේකට "රාජ්‍ය අනුග්‍රහය" අනිවාර්යෙන්ම අවශ්‍යයි. රජතුමා මහා විහාරයේ හාමුදුරුවරු එක්ක ප්‍රශ්න ඇති කර ගෙන හිටියත්, මේ කටයුත්ත සමස්ථ බුදු සසුනේම චිරස්තිථිය සහ පැවැත්ම උදෙසානෙ. එහෙම නේද...????
ඉතාම ප්‍රශස්ත ලිපියක්. ඉතිහාසය ගැන වටිනා කරුණු රැසක්. අගෙයි. ඔබට ජය !
ReplyDelete