අවුරුදු 1000කටත් වඩා තිබුණු, රජවරු 140කටත් වඩා රජකම් කරපු, "අනුරාධපුර රාජධානි" කාලයෙ රටට දැනෙන්න වැඩක් කරපු ප්‍රධාන පෙළේ රජවරු හිටියෙ බොහෝම සුළු පිරිසක්. අන්න ඒ රජවරු ගැන තමයි අපි, කලින් ලිපිවලින් දිගටම සාකච්ඡා කළේ.
* පණ්ඩුකාභය රජතුමා
* දේවානම්පියතිස්ස රජතුමා
* කාවණ්තිස්ස රජතුමා
* දුටුගැමුණු රජතුමා
* වළගම්බා රජතුමා
* වසභ රජතුමා
* මහසෙන් රජතුමා
* ධාතුසේන රජතුමා
බලන්න. අනුරාධපුර යුගයේ රජවරු 140කටත් වඩා හිටියට, අපිට කතා කරන්න පූලුවන් රජවරු ඉන්නෙ කීයෙන් කී දෙනාද කියලා..???? අතේ ඇගිලි ගාණටවත් නෑ. මහා කාශ්‍යප රජතුමා ගැනත් අපි කතා කරන්න නෙවේ හිටියෙ. ඒත් ධාතුසේන රජතුමා ගැන සදහන් කරපු නිසා ලියන්නෙ නැතුව ඉන්න මොකක්ද වගේ කියලා හිතුනා. ඒ වගේම තමයි සීගිරිය සහ ආදි හෙළයන් විසින් සීගිරියට යොදලා තියෙන තාක්ෂණය ගැන සාකච්ඡා කරන්නත් ඕන. එහෙම කරන්න පුලුවන් වෙන්නෙත්, මහා කාශ්‍යප රජතුමා යටතේ තමයි. මහා කාශ්‍යප රජතුමාවම තමයි, "1 වෙනි කාශ්‍යප" එහෙමත් නැත්නම් "සීගිරි කාශ්‍යප" වගේ නම් වලිනුත් හදුන්වන්නෙ. මහා කාශ්‍යප රජතුමා අපේ රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ
පීතෘ ඝාතක රජ කෙනෙක් විදිහටයි. තමන්ට හිමි නැති රජකම, හිමි කර ගන්න ධාතුසේන රජතුමාව ඝාතනය කරනවා. අපි මේ ගැන කලින් "ධාතුසේන රජතුමා" ගැන ලියපු ලිපියෙන් ගොඩක් සාකච්ඡා කළා. දැන් අපි ඉතිරි ටික සාකච්ඡා කරමු. මේත් එක්කම අපේ රටේ සි0හාසනයට නීත්‍යානුකූල අයිතිය තියෙන මුගලන් කුමාරයා ඉන්දියාවට පැනලා යනවා.
|
0 comments:
Post a Comment