වළගම්බා රජතුමාගෙන් පස්සෙ සහෝදරයා වුණු ඛල්ලාටනාගගේ පුත් මහාසිළු මහාතිස්සත්, මහාසිළු මහාතිස්සගෙන් පස්සෙ වළගම්බා රජතුමාගේ පුත් චෝරනාගත්, චෝරනාගගෙන් පස්සෙ මහසිළු මහාතිස්සගේ වැඩිමහල් පුත්‍රයා වුණු කුඩාතිස්සත්, කුඩාතිස්සට වසදී ඝාතනය කරලා අනුලා බිසවත්, අනුලා බිසවව ඝාතනය කරලා මහාසිළු මහාතිස්සගේ දෙවෙනි පුත්‍රයා වුණු මකලන්තිස්සත්, අපේ රටේ පළවෙනි වතාවට ගව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරපු මකලන්තිස්සගේ පුත් භාතිකාභයත්, භාතිකාභයගේ සහෝදරයා වුණු මහාදාඨික මහානාගත්, අපේ රටේ පළවෙනි වතාවට සත්ව ඝාතනය මුලුමනින්ම නවත්තපු මහාදාඨික මහානාගගේ පුත් අමණ්ඩගාමිණී අභයත්, අමණ්ඩගාමිණී අභයව ඝාතනය කරලා සහෝදර කනිරජානු තිස්සත්, සහෝදරිය වුණු සීවලී රැජිණත්, අමණ්ඩගාමණී අභයගේ පුත් චූලාභයත්, චූලාභයගේ බෑණනුවන් වුණු ඉළනාගත්, ඉළනාගගේ පුත් චන්ද්රමුඛසීවත්, චන්ද්රමුඛසීවව ඝාතනය කරලා සහෝදර යසලාලකතිස්සත් පිළිවෙලින් අපේ රටේ රාජ්‍ය පාලනයේ යෙදෙනවා.
යසලාලකතිස්ස රජතුමාව අපේ අය දන්නෙ "යස" හැටියට. යසලාලකතිස්ස රජතුමා ප්‍රසිද්ධ වුණෙත් මේ "සුභ සහ යස" කතන්දරය නිසා. මේක ගැන නම් පොඩි දරුවනුත් දන්නවා. මේ සිද්ධිය අපේ රටේ ඇත්තටම වුණු සිද්ධියක්. තමන්ගෙ වගේම හැඩහුරුකම් තියෙන තව හත් දෙනෙක් මේ ලෝකයේ ජීවත් වෙන්න පුලුවන් කියනවනෙ. යසලාලකතිස්ස රජ්ජුරුවන්ටත් හිටියා මේ වගේ එක්කෙනෙක්. ඒ තමයි රජ්ජුරුවන්ගෙ
|
රජ මාළිගාවෙ දොරටු පාලක වෙච්ච සුභ. සුභයි රජ්ජුරුවොයි දෙන්නම එක කුස උපන් නිවුන් සහෝදරයො වගෙයි. ඒ කියන්නෙ දෙන්නම එක වගෙයි. දෙන්නගෙම එකම මූණ. එකම උස මහත. මාළිගාවට යන එන අය මේ දෙන්නව වෙන් කරලා අදුර ගන්නෙ, දෙන්නගෙ ඇදුම් පැලදුම් වලින්. දවසක් යසලාලකතිස්ස රජ්ජුරුවන්ට හිතෙනවා තමන්ගෙ චරිතය සුභට දීලා, සුභගෙ චරිතය ගන්න. ඉතින් දවසක් රජ්ජුරුවො ගිහින් සුභට මෙහෙම කියනවා. "ඒයි මෙහෙ වරෙන්. උඹයි මායි දෙන්නම එක වගේ. මිනිස්සු අපි දෙන්නව වෙන් කරලා අදුර ගන්නෙ අපේ ඇදුම් පැලදුම්වලට පිo සිද්ධ වෙන්න. මට හිතයි දවසකට දොරටුපාල වෙලා, උඹට රජකම දෙන්න. හෙට අපි මෙහෙම වැඩක් කරමු. හෙට මම උඹ වෙනවා. උඹ මම වෙනවා. තේරුණාද..??? හෙට උඹ මගේ ඇදුම් ඇදගෙන සිoහාසනයේ වාඩිවෙනවා. මම සිoහාසනය ළග උඹේ ඇදුම් ඇදන් ඉන්නම්. උඹ හෙට රජ්ජුරුවො වෙනවා. මම හෙට දොරටුපාල වෙනවා. මේක දැන ගන්නෙ හැබැයි අපි දෙන්නා විතරයි". සුභත් ඉතින් රාජ ආඥාව අහක දාන්නත් බැරි නිසා දවසකට හරි රජ වෙන්න කැමති වෙනවා. පහු වෙනිදා රජ්ජුරුවො දොරටුපාල වගේ වෙස් වළාගෙන ඉන්න කොට, සුභ රජ්ජුරුවො වගේ සිoහාසනේ ඉන්නවා.
රජ්ජුරුවො හොදට Relax එකේ ඉන්නකොට සුභට හොදටම දාඩිය දාලා, අන්දුන් කුන්දුන් වෙලා. මිනිස්සු ඇවිත් තම තමන්ගෙ දුක් ගැනවිලි කිය කියා සුභට වදිනවා රජ්ජුරුවො කියලා හිතාගෙන. මැති ඇමතිවරු එක එක ලියකියවිලි අරන් ඇවිත් අත්සන් අර ගන්නවා. Media වලින් එනවා සම්මුඛ සාකච්ඡා පවත්වන්න. එක එක උත්සවවලට ආරාධනා කරන්න ලොකු ලොකු මහත්වරු එනවා. සුභ අන්දුන්කුන්දුන් වෙලා ඉන්න කොට, දොරටුපාල විදිහට ඉන්න රජ්ජුරුවො හොදටම හිනා වෙනවා බක බක ගාලා. රජ්ජුරුවොන් මේකෙන් ලොකු Fun එකක් ගන්නවා.
තවත් Fun එකක් ගන්න කියලා හිතාගෙන අනිත් දවසෙත් මේ විදිහටම කරන්න ඕන කියලා රජ්ජුරුවෝ |
සුභට කියනවා. දෙවෙනි දවසෙත් මේ දේවල්මයි. හැබැයි සුභ දෙවෙනි දවසෙ එච්චරම බය වුණේ නෑ. මොකද පළවෙනි දවසෙම ඔක්කොම වැඩ ටික අල්ල ගත්තා. සුභත් ඉතින් රජ්ජුරුවො වගේ රගපාන්න ගන්නවා. දොරටුපාල විදිහට ඉන්න ඇත්ත රජ්ජුරුවො බඩත් අල්ලගෙන හිනා වෙනවා. ඇත්ත රජ්ජුරුවො මේකෙන් ලොකු විනෝදයක් ගන්නවා. ඉතින් තුන් වෙනි දවසෙත් මේ විදිහටම දෙන්නා චරිත දෙක මාරු කර ගෙන රගපානවා. හතරවෙනි, පස්වෙනි, හයවෙනි දවස්වලත් මේ වැඩේම වෙනවා. රජ්ජුරුවො මේ වැඩේ දිගටම කර ගෙන යනවා. හැබැයි මේ දෙන්නා විතරයි දන්නෙ. මිනිස්සු දන්නෙ නෑ. ඉතින් සුභට මේක හොදටම එපා වෙනවා. ඒත් රජ්ජුරුවො මේ වැඩේ නවත්තන්න කැමතිත් නෑ. තව තවත් කරනවා.
" මේ මොන උලව්වක්ද යකෝ මේ..??? මම මේ අපේ එවුන් ජීවත් කරවන්න Guard කෙනෙක් විදිහට රස්සාවට ආවෙ. අරූ මෙතන පිස්සු කෙළිනවා. මොනවත් දන්නෙ නැති මාව සිoහාසනයට දාලා, අරූ අතන පඩියක් උඩ ඉද ගෙන හිනා වෙවී ඉන්නවා. මහ බූරුවෙක්නෙ ඕකා " සුභටත් ඉතින් හොදටම කේන්ති යනවා. පහුවෙනි දවසෙත් මේ වැඩේම යනවා. රජ්ජුරුවොන්ට නම් තාමත් Fun. සුභට නම් දැන් මේ සෙල්ලම එපා වෙලා. ඉතින් සුභ රජ්ජුරුවො දිහාවට අත දික් කරලා අහළ පහළ ඉන්න රාජ පුරුෂයන්ට කියනවා " මම දැන් ගොඩ දවසක් තිස්සෙ බලාගෙන... මේකා මට හිනා වෙනවා. හැමතිස්සෙම බැලුවොත් මූ මගේ දිහාවට හැරිලා හිනා වෙවී ඉන්නවා, මෙතන තියෙන වැඩක් පලක් කරන්නෙ නැතුව. මූ මට අපහස කරනවා. මූව ගිහින් මරාපියව්" කියලා . ඔන්න යසලාලකතිස්සගෙ සෙල්ලම ලෙල්ලම වෙනවා. ඉතින් යසලාලකතිස්ස රජ්ජුරුවො තමන් ඇත්ත රජ්ජුරුවො කියලා මහ හයියෙන් කෑ ගැහුවත්, වැඩක් වුණේ නෑ. කොහොම ඔප්පු කරන්නද. දෙන්නම එක වගෙනෙ. යසලාලකතිස්ස රජ්ජුරුවො විදිහට සුභ දොරටුපාලකයා බලා ගෙන ඉන්දැද්දි, සුභ දොරටු පාලකවරයා විදිහට හිටපු ඇත්ත යසලාලකතිස්ස රජ්ජුරුවන්ගෙ හිස ගසා දානවා. දැන් සුභ තමයි අපේ රටේ රජ්ජුරුවෝ. කාලයක් ඔහොම යනවා.

දවසක් සුභ රජතුමා නිකන් ඉන්න බැරිකමට තමන්ගෙ කේන්දරයත් අරන් දෛවඥයෙක් ළගට යනවා. කේන්දරය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. මිනිස්සුන්ගෙ අනාගතය කේන්දරයේ ලියවිලා තියෙනවා. හැබැයි අපිට අපේ උත්සහය, අධිෂ්ඨානය, කැප වීම අනුව කේන්දරය ඇත්ත කරලා පෙන්නන්නත් පුලුවන්. ඒ වගේම කේන්දරය බොරු කරලා පෙන්නන්නත් පුලුවන්. අපිට පණ්ඩුකාභය චරිතය අධ්‍යනය කරන කොට දකින්න ලැබුණා වගේම ඉස්සරහදි 2 වෙනි පරාක්‍රමබාහු චරිතය අධ්‍යනය කරන කොටත් කේන්දර කතාවක් හම්බ වෙනවා. කේන්දරය අතට ගත්තු දෛවඥයගෙ ප්‍රකාශය අහපු රජතුමා
|
හොදටම බය වෙනවා. දෛවඥයා කිව්වේ අනාගතයේ "වසභ" කියලා නම තියෙන කෙනෙක්, රජ්ජුරුවන්ව මරලා රජකම ගන්නවා කියලා. ඉතින් සුභ තමන්ගෙ හමුදාව රැස් කරලා කියනවා "වසභ" කියලා නම තියෙන හැම එක්කෙනෙක්ම මරලා දාන්න කියලා. මේ මෙහෙයුමේ නායකයා විදිහට දැම්මෙ රජ්ජුරුවන්ට විශ්වාසවන්ත ඇමතිවරයෙක්ව. ඉතින් හමුදාවත් වසභ කියලා නම තියෙන අයව මර මරා රට ඇතුළට ගමන් කරනවා. අද කාලෙ වගේ නෙවේනෙ ඒ කාලෙ. Facebook, E - Mail, Mobile Phones තිබ්බයි... ඉතින් වසභ කියලා නම තියෙන අය හමුදාව තමන්ගෙ ළගට එනකන්ම දැනගෙන හිටියෙ නෑ, මොකාටද මේ එන්නෙ කියලා. මේ විදිහට අපේ රටේ වසභ කියලා නම තියෙන ඔක්කොම අය ඝාතනය වෙනවා. හැබැයි එක්කෙනෙක් හැර. ඒ වසභ ජීවත් වුණේ, මෙහෙයුමට නායකත්වය දීපු රජ්ජුරුවන්ගෙ ඇමතිවරයගෙ ගෙදර. ඇමතිවරයගෙ බෑණා කෙනෙක්. ඒත් රජ්ජුරුවන්ට තියෙන පක්ෂපාතීත්වය පෙන්නන්න ඇමතියා තීරණේ කරනවා බෑණවත් රජ්ජුරුවන් ගාවට එක්ක ගිහින්, රජ්ජුරුවන්ට භාර දෙන්න. ඉතින් මේ ගැන තමන්ගෙ බිරින්දෑ එක්කත් කතා කරනවා.
ගෑණු අයත් එක්ක රහස් බෑ කියනවනෙ. ඔන්න ඇමතියා බිරිදට මේ ගැන කියලා වැඩේ අල කර ගන්නවා. මේ ඇමතියා හැමතිස්සෙම බුලත් කනවා. බැලුවොත් විට කටේ. ඉතින් පහුවෙනිදා වසභව රජ මාළිගාවට ගෙනි යන්න ලෑස්ති වෙනකොටත් විට කටේ දාගෙන තවත් විටක් ඔතලා දෙන්න කියලා කිව්වා. බිරිද මොකද කරන්නෙ බුලත් විට ඔතනවා, හුණු දාන්නෙ නැතුව. වසභ මේ මොකුත් දන්නෙ නෑ. වසභව රජ මාළිගාවට ගෙනියන කොට, ඔතන් ආපු බුලත් විට කන්න බැලින්නම් , මළ හත්තිලව්වයි බුලත් විටට හුණු දාලා නෑ. ඉතින් ඇමතිවරයා වසභව පිටත් කරනවා ගෙදරට හුණු ටිකක් ගෙන්න ගන්න. වසභ එනකන් බලාගෙන හිටපු නැන්දා (ඇමතිවරයගෙ බිරිද ) මේ කුමන්ත්‍රණය ගැන වසභට කියනවා. වසභට සල්ලිත් දීලා පැනලා යන්න උදව් කරනවා. මාස ගණනාවක් තිස්සෙ ගමින් ගමට ගිහින් වසභ ලොකු හමුදාවක් හදා ගෙන, රජ මාළිගාවට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සටනෙදි වසභගෙ මාමත් මැරෙනවා. රජ්ජුරුවොත් රජ මාළිගාවෙම ඝාතනය වෙනවා. වසභ රජ වෙලා, අපේ රටේ පාලනය භාර ගන්නවා.

ජනප්රවාදයේ තියෙන විදිහට නම් වසභ රජ වෙලා, තමන්ට උපකාර කරපු නැන්දව විවාහ කර ගන්නවලු. දැන් වසභ අපේ රට පාලනය කරනවා හුග කාලයක් තිස්සෙ. වසභටත් හිතෙනවා තමන්ගෙ කේන්දරය බලව ගත්තොත් හොදයි කියලා. වසභගෙ කේන්දරය බලපු දෛවඥයා කියනවා තව අවුරුදු 12ක් විතරයි ජීවත් වෙන්න වාසනාව තියෙන්නෙ කියලා. අපි පෘතග්ජන මිනිස්සු. අපි කොයි කවුරුත් අපේ ජීවිතවලට ආසයි. මැරෙන්න බයයි. අපි ඔක්කොමලා උත්සාහ කරන්නෙ වැඩිකල් ජීවත් වෙන්න. ඉතින් වසභගෙ ඔක්කොම බලාපොරොත්තු සුන් වෙලා යනවා. ඒත් වසභගේ බලාපොරොත්තු කඩ වෙනවා දකින්න දෛවඥයා කැමති වුණේ නෑ. මොකද වසභ අපේ රටට ලොකු සේවාවක් කරන්න ඉන්න හොද පාලකයෙක් කියලා එයා දැන ගන්නවා. " හා හා. කලබල වෙන්න එපා රජතුමනි. මම ඕකට පිළියමක් කියන්නම්. පුළුවන් තරම් බුදු දහම වෙනුවෙන් සේවය කරන්න. එතකොට තවත් දීර්ඝායුෂ ලබන්න පුලුවන්. හාමුදුරුවරුන්ට උදව් කරන්න. පුලුවන් තරම් වෙහෙර විහාර නඩත්තු කරලා, වෙහෙර විහාර ඉදි කරන්න. බුද්ධාගමත් එක්කම ඇලිලා ඉන්න. එහෙම වුණොත් රජතුමාට කවදාවත් වරදින එකක් නෑ. ඒ වගේම අවුරුදු 12න් මැරෙන කතාවත් බොරු වෙනවා". මේක අහන වසභගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. වසභත් ඒ විදිහටම වැඩ කරන්න පටන් ගන්නවා. බුදු දහම වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ගන්නවා.
අවුරුදු 3කට වරක් අපේ රටේ වැඩ ඉන්න හැම හාමුදුරු නමකටම තුන් සිවුරු පූජා කරනවා. හැමදාම අපේ රටේ ප්‍රදේශ 32ක කිරිබත් දාන දෙනවා. හැමදාම අපේ රටේ ප්‍රදේශ 68ක මහා දාන දෙනවා. ථූපාරාමය, රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය අභියස දස දහසක පහන් පූජාවක් හැමදාම පවත්වනවා. කකුසද, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරුන්ගේ ප්‍රතිමා 4ක් නිර්මාණය කරලා මහමෙව්නා උයනේ තැන්පත් කරනවා. දුප්පත් අයට ධනය බෙදලා දෙනවා. හාමුදුරුවරුන්ට සිව්පසයෙන් උපස්ථාන කරනවා වගේම, විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලාට අනුග්‍රහය දක්වනවා. ථූපාරාමය, සිතුල්පව්ව, ඉසුරුමුණිය වගේ පූජා ස්ථාන නඩත්තු කරනවා. ඒ වගේම අනුරාරාමය, චිත්තලකුට,
|
මුවේර විහාරය වගේ වෙහෙර විහාර කරවනවා. චිත්තල පබ්බත ප්‍රදේශයේ විතරක් ස්තූප 10ක් බන්දවනවා. හැම අවුරුද්දකම වෙසක් උත්සවය උත්සවාකාරයෙන් පවත්වනවා.
වසභ බුදු දහම වෙනුවෙන් මෙ මොන දේ කරත් අපිට වසභව වැදගත් වෙන්නෙ වෙනත් පැත්තකින්. ඒ තමයි ආර්ථික අoශය. වසභ රජතුමාගේ කාලයේ අපේ රටේ ආර්ථිකය ගොඩක් ඉහළ මට්ටමක තිබුණා. අපේ රට සශ්‍රික රටක් වුණා. වසභ රජ්ජුරුවො අපේ ඉතිහාසයට එකතු වෙන්නෙ " මහා පරිමාණ වැව් ඉදි කිරීමේ ආරම්භකයා" විදිහටයි. වසභ රජ්ජුරුවො එන්න කලිනුත් අභය වැව, නුවර වැව වගේ වැව් තිබුණා. ඒත් වසභ රජතුමා නිර්මාණය කරපු වැව් එක්ක බලනකොට ඒ ඔක්කොම සුළු පරිමාණයේ වැව්. ඉතින් වසභ මහා පරිමාණයේ වැව් නොහදන්න, සමහර විට පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව වගේ මහා පරිමාණයේ වැව් නිර්මාණය නොවෙන්නත් ඉඩ තිබුණා.
අද කාලේ වගේ නෙවේ ඒ කාලේ. අද කාලෙ නම් ඡන්දය දීලා ජනතා නියෝජිතයෙක් කියලා එක්කෙනෙක් පත් කර ගන්නෙ, බොහෝ දුරට තම තමන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න. එක්කො "වයින් ස්ටෝර්ස්" එකක් හරි "බාර්" එකක් හරි ඇර ගන්න. එක්කො මස් කඩයක් දා ගන්න. චූටි දුවව ඉස්කෝලෙකට දාගන්න. මල්ලිට "ජොබ්" එකක් ඉල්ලගන්න. නෝනව කොළඹට "ට්‍රාන්ස්වර්" කර ගන්න. එක්කො කාව හරි බාවන්න.
ඒත් ඒ කාලයේ මිනිස්සු ඕනෑම පාලකයෙකුගෙන් බලාපොරොත්තු වුණේ කාරණා දෙකයි.
01. ආගම සoවර්ධනය කිරීම
02. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම
රට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මය. කෘෂි කර්මයෙන් සහල් නිෂ්පාදනය වෙනවා. සහල් කියන්නේ බත්. තුන් වේලටම අපි බත් කෑවා. මේ තමයි රටේ ආර්ථිකය. කෘෂිකර්මයට ජලය ඕන. ජලය නැතුව කරන්න බෑ. ජලය සැපයෙන්නෙ වැව් වලින්. වර්ෂාව නැති කාලයක් වුණත්, කුඹුරු කරන්න පුළුවන් වැව් ජලයෙන්. මේ තමයි අපේ රටේ ආර්ථිකය. ඒ තරමට වැව් වැදගත්. කාලිoග මාඝ අපේ රටට ආපු ගමන් කළේ වැව් ටික කඩාගෙන කඩාගෙන ගියපු එකයි. වතුර නැති වුණා. කෘෂි කර්මය කර ගන්න බැරි වුණා. කන්න නැති වුණා. මිනිස්සු බඩගින්නෙ මෙව්වා ගැනම හිත හිතා හිටියා, යුද්ධ කරන්නෙ නැතුව. මාඝ නිකන්ම රටේ බලය අල්ල ගත්තා.
ඉතින් වසභ රජතුමත් වාරි ව්‍යාපෘති පටන් ගන්නවා. මහ වැව් 11කුත්, ඇළවල් 12කුත් හදනවා. මහ වැව් අතරට මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න, කෝලව්වහාලක, ඒරුවාපි වගේ වැව් අයිති වෙනවා. උමo මාර්ග හරහා වතුර බෙදා හරින්නත් කටයුතු කරනවා.

වසභගේ බලය අපේ රටේ අස්සක් මුල්ලක් නෑර, හැම තැනකම ව්‍යාප්ත වෙලා තියෙනවා. නාගදීපයේ වගේම යාපනයෙත් ව්‍යාප්ත වෙලා ගිහින් තියෙනවා. මේක "වල්ලිපුරම් රන් සන්නසෙන්" පැහැදිලි වෙනවා. ඉතින් කොහොමද උතුරු නැගෙනහිර දෙමළ අයට විතරක් අයිති වෙන්නෙ..??? ඒ වගේම "ලම්බකර්ණ" වoශයේ ආරම්භකයා විදිහට සැළකෙන්නෙත් වසභ රජතුමයි. වසභ රජතුමා මේ විදිහට අපේ රටේ අවුරුදු 44ක් රජකම් කරනවා.
මේ ශ්‍රේෂ්ඨ පාලකයගෙන් පස්සෙ ඔහුගේ පුත්‍රයා වුණු වoකනාසිකතිස්ස රජ කරනවා. මේ කාලයේ කරිකාල කියලා දකුණු ඉන්දීය ද්‍රවිඩ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් අපේ රටට ලොකු ආක්‍රමණයක් එල්ල වෙලා මිනිස්සු 12 000කුත්, පාත්‍රා ධාතුවත් ඉන්දියාවට අරන් යනවා. පාත්‍රා ධාතුවත්, අපේ මිනිස්සු 12 000ත්, ඒකට හිලව් වශයෙන් එහෙන් සිරකරුවො 24 000කුත්, පත්තිනි සලඹත් අපේ රටට ගේන්න ඔහුගේ පුත්‍රයා වුණු 1 වෙනි ගජබාහු සමත් වෙනවා. ගජබාහුගෙන් පස්සෙ පුත්‍රයා වුණු භාතියතිස්සත්, ඊට පස්සෙ සහෝදර කනිට්ඨතිස්සත්, කනිට්ඨතිස්සගේ පුත් චූලනාගත්, චූලනාගව මරලා සහෝදර කුoචනාගත්, කුoචනාගව මරලා සෙන්පති සිරිනාගත්, සිරිනාගගේ පුත්‍රයා වුණු වෝහාරිකතිස්සත්, වෝහාරිකතිස්සව මරලා සහෝදර අභයනාගත්, අභයනාගගෙන් පස්සෙ වෝහාරිකතිස්සගේ පුත් 2 වෙනි සිරිනාගත්, සිරිනාගගේ පුත් විජයිදු කුමාරයත්, විජයිදු කුමාරයා මරලා සoඝතිස්සත්, සoඝතිස්සගෙන් පස්සෙ සහෝදර සිරිසගබෝ රජතුමත්, ඊටත් පස්සෙ සහෝදර ගෝඨාබයත් පිළිවෙලින් අපේ රටේ සිoහාසනයට පත් වෙනවා.
0 comments:
Post a Comment