අපේ රටේ රජකම් කරපු රජවරුන්ගේ ලැයිස්තුවක් හදන්න කිව්වොත්, දුටුගැමුණු හෙවත් ගැමුණු මහ රජතුමාගේ නම මුලින්ම සදහන් වෙනවා. දුටුගැමුණු මහ රජතුමාගේ කාර්යය සාඵල්‍ය අධ්‍යනයේ පහසුවට දේශපාලනික, ආගමික, ආර්ථික සහ සාමාජීය ආදී වශයෙන් කොටස් හතරකට බෙදන්න පුලුවන්. දුටුගැමුණු රජතුමා ගැන අධ්‍යනය කරන්න පුලුවන් සාහිත්‍ය මූලාශ්‍ර අතරින්, මහානාම හාමුදුරුවො ලියපු "මහා වoශය" ඉදිරියෙන්ම ඉන්නවා. අනිත් කිසිම රජ කෙනෙක්ට නැති තරමේ ගෞරවයක් වගේම ඉඩ ප්‍රමාණයකුත් මහා වoශයෙන් දුටුගැමුණු රජතුමාට දීලා තියෙනවා. දුටුගැමුණු රජතුමා "මහා වoශයේ වීරයා" වෙන්නෙ පරිච්ඡේද 32න් 11කම පෙනී ඉදලා. ඒත් මහා වoශයේ දුටුගැමුණු රජතුමා ගැන තියෙන කරුණුවලින් වැඩි කොටසක් අතිශ්‍යෝක්තියට බර කරුණු. ඒ වගේම මහා වoශයේ එන දුටුගැමුණු චරිතය ගොඩ නැගෙන්නෙ ජනප්‍රවාද සහ ජනස්‍රැති පදනම් කරගෙන. විශේෂයෙන්ම දුටුගැමුණු රජතුමාගේ උත්පත්ති කතාව සහ මරණයගැන තියෙන කරුණු උදාහරණ විදිහට ගන්න පුලුවන්.
සාමාන්‍යයෙන් පොතක් රචනා වෙන්නෙ, මොකක් හරි සිදුවීමක් මූලික කරගෙන. ඒත් ඒ සිදුවීම වෙච්ච හැටියෙම පොත රචනා වෙන්නෙ නෑ. ඒක රචනා වෙන්නෙ ඒ සිදුවීම වෙලා අවුරුදු ගණනාවකට පස්සෙ වෙන්න පුලුවන්. එතකොට ඒ පොත ලියන ලේඛකයා තමන්ට ඕන විදිහට කරුණු වෙනස් කරලා, එයාට ඕන විදිහට ලියන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඒ සිද්ධිය ජනප්‍රවාද, ජනස්‍රැති, ජන කතා ඔස්සේ අහලා ලියන්නත් පුලුවන්. ජනප්‍රවාදයක් වුණත්, ජන කතාවක් වුණත් කල්ප කාලාන්තරයක් තිස්සේ කටින් කට එනකොට, ඒක වෙනස් වෙන්න පුලුවන්. හරියට අර ගමරාළ කපුටො හත් දෙනෙක් වමනෙ කළා කියන ජන කතාව වගේ. ඉතින් මේවයින් සැබෑ ඉතිහාසය ගොඩ නගන කොට අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන.
මහා වoශයේ තියෙන දුර්වලතා අතරින් ප්‍රධානතම දුර්වලතාවය තමයි පක්ෂග්‍රාහී බව. මහානාම හාමුදුරුවො කියන්නෙ මහා විහාරයේ වැඩ වාසය කරපු හාමුදුරු නමක්. ඒ නිසා මහානාම හාමුදුරුවො මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරු ගැන, මහා වoශයේ ඉහළින්ම සදහන් කරනවා. ඒ වගේම මහා විහාරයට අනුග්‍රහය දුන්නෙ නැති, මහා විහාරයත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්ත රජවරු ගැන සදහන් කරන්නෙ කරුණු අල්ප මාත්‍රයයි. ඒ නිසා ඉතිහාසයේ විශාල පැතිකඩක්, මහානාම හාමුදුරුවො හිතා මතාම අදුරු කරලා දාලා තියෙනවා.

අභියෝග ප්‍රමාණයකට මුහුණ දීපු රජ කෙනෙක්. අපේ රටට ද්‍රවිඩ ආක්‍රමණය එල්ල වෙන කොට, ස්වදේශීය කැරලි කෝලහාලත් රටේ තැනින් තැන මතු වෙනවා. ඒ වගේම මහා සාගතයක් අපේ රටේ ඇති වෙනවා.වළගම්බා රජතුමා ආක්‍රමණිකයන් එක්ක යුද්ධ කළේ මේ මහා සාගතය මැද්දෙ. ගිරි නිගන්ඨයාගේ තර්ජන එල්ල වෙනවා. පළවෙනි පාර ද්‍රවිඩ හමුදා එක්ක කරපු සටනෙන් පැරදෙනවා. රජතුමාගේ බිසවත්, බුදු හාමුදුරුවන්ගේ පාත්‍රා ධාතුවත් අහිමි වෙනවා. අවුරුදු 14කුත් මාස 7ක් තිස්සෙ හමුදාව පියවරෙන් පියවර ගොඩ නගනවා. කපීශීෂගේ මරණයත් එක්ක හමුදාව රජතුමාව අත හැරලා යනවා.... මේ කරුණුත් එක්ක බලන කොට දේශපාලනික වශයෙන් දුටුගැමුණු රජතුමාට වඩා, මහා වoශයේ කුඩ අම්මාගේ සැළකිල්ලට යොමු වුණු වළගම්බා රජතුමා ඉදිරියෙන් ඉන්නවා. දුටුගැමුණු රාජ්‍ය සමය එනකොට අපේ රටට තිබ්බ එකම ප්‍රශ්නය වුණේ එළාරගේ පාලනයෙන් රට මුදවා ගන්න එක විතරයි. ඒ වෙනකොට කාවණ්තිස්ස රජතුමාඅපේ රටට ආහාර වලින් සෞභාග්‍යමත් යුගයක් උදා කරලයි තිබ්බෙ. සිoහල හමුදාවට බඩගින්නෙ යුද්ධ කරන්න වුණෙ නෑ. මේ මහා වoශයේ පක්ෂග්‍රාහී බව පෙන්නුම් කෙරෙන එක උදාහරණයක් විතරයි.
අපි කලින් ලිපියේ කාවණ්තිස්ස රජතුමා ගැන සාකච්ඡා කරන කොට සදහන් කළා වගේම, එළාරගේ පාලනයෙන් රට නිදහස් කරන්න කාවණ්තිස්ස රජතුමා ගත්ත උත්සහය සුළු කොට තකන්න බෑ. කාවණ්තිස්ස රජතුමාට ඒ ඔස්සෙ දුටුගැමුණු විජයග්‍රහණයෙන් වැඩි කොටසක ප්‍රශoසාවක් හිමි වෙන නිසා, කාවණ්තිස්ස රජතුමාගේ සැබෑ චරිතය යට ගහන්න මහානාම හාමුදුරුවො පියවර ගන්නවා. ඒ නිසා කාවණ්තිස්ස රජතුමාව දුර්වල ගැහැණියකට උපමා කරනවා. ඒ වගේම අර බත් ගුලි තුනේ කතාවෙනුත් කාවණ්තිස්ස රජතුමාට මඩක් ගහන්න උත්සහයක් අරන් තියෙනවා. ඒත් අපි කලින් ලිපියේ සාකච්ඡා කරපු කරුණු ටික සoක්ෂිප්තව තව පාරක් මතක් කරමු.

එළාර පලවා හැරීමට කළ මෙහෙවර
01. දේශසීමා ලකුණු කිරීම 02. පිඹුරුපත් සකස් කිරීම 03. භික්ෂූන් සහ ජනයා සමගි කිරීම 04. ප්‍රාදේශීය රාජ්‍යන් එක්සත් කිරීම 05. විශාල යුද්ධ හමුදාවක් ගොඩ නැoවීම 06. දසමහා යෝධයන් එකතු කිරීම 07. බුද්ධි අoශයක් සහ රහස් ඔත්තු සේවාවක් පිහිටුවීම 08. හමුදාවට පුහුණුව ලබා දීම 09. සෑම ගමකම කර්මාන්ත ශාලා පිහිටුවා ආයුධ නිපදවීම 10. ආයුධ රැස් කිරීම 11. කුඹුරු මහා පරිමාණයෙන් අස් වැද්දීම 12. යුද්ධ කාලයේ හමුදාවට සහ ජනතාවට ගැනීමට සහල් රැස් කිරීම 13. සෑම ගමකම ධාන්‍ය ගබඩා නිර්මාණය කිරීම 14. මාගම සිට අනුරාධපුරය දක්වා මාර්ගවල ධාන්‍ය ගබඩා පිහිටු වීම කාවණ්තිස්ස රජතුමා එළාර සමග යුද්ධ නොකිරීමට හේතු 01. එළාර ලබා සිටි ජනප්‍රියත්වය 02. කාවණ්තිස්ස රජතුමා වියපත් වී සිටීම 03. ඉන්දීය අධිරාජ්‍යන් වලින් එවන ආධාර අවම වන තෙක් සිටීම ඉතින් දුටුගැමුණු රජතුමාට තිබ්බෙ මේ ටික ක්‍රියාත්මක කරන එක විතරයි. ඉතින් මහා වoශය කාවණ්තිස්ස රජතුමාගේ සැබෑ චරිත කතාව හoගන්න උත්සාහ කරන එක කොයි තරම් අසාධාරණද..???? ඒ නිසා දුටුගැමුණු රජතුමා ගැන මහා වoශයේ තියෙන ජනප්‍රවාද සහ අතිශ්‍යෝක්තියට බර කරුණු අහක් කරලා ඉතිරි කරුණු වලින් පුලුවන් තරමක් සදහන් කරන්නත්, දුටුගැමුණු රජතුමාගේ "රාජ්‍ය පාලන සමය" ගැන තොරතුරු විතරක් සදහන් කරන්නත් අදහස් කළා. |
0 comments:
Post a Comment