මහා සේන රජතුමාගෙන් පස්සෙ රජතුමාගේ පුත් කිත්සිරි මෙවන් කුමාරයා රාජ්‍යත්වයට පත් වෙනවා. අපේ රටට වම් දළදා වහන්සේ වැඩම කරන්නෙ කිත්සිරි මෙවන් රජතුමාගේ කාලයේ. කිත්සිරි මෙවන් රජතුමාගෙන් පස්සෙ බාල සොහොයුරු දෙටුතිස්ස අවුරුදු 9ක් රජකම් කරනවා. ඊට පස්සෙ දෙටුතිස්සගේ පුත්‍රයා බුද්ධදාස රාජ්‍ය භාර ගන්නවා. බුද්ධදාස රජතුමා අපේ රටේ අය අතර ජනප්‍රිය වුණේ නාගයෙක්ට බෙහෙත් කරපු කතාව නිසා. බුද්ධදාස රජතුමා ලියපු වෛද්‍යය පොත්පත් අදටත් සුරක්ෂිතව තියෙනවා. බුද්ධදාස රජතුමාගෙන් පස්සෙ, රජතුමාගේ පුත් උපතිස්ස කුමාරයා රජ වෙනවා. ඊට පස්සෙ උපතිස්ස රජතුමාගේ පුත්‍රයෙක් වෙන මහානාම කුමාරයා රජ වෙනවා. අපේ රටට බුද්ධඝෝෂ, පාහියo හාමුදුරුවරු දෙනම වැඩම කරන්නෙ මේ රජතුමාගෙ කාලයේ. ඊට පස්සෙ රජතුමාගේ පුත්‍රයෙක් වෙන සොත්ථිසේන කුමාරයා උදේ වරුවේ රජ වෙනවා. හවස් වරුවේ සොත්ථිසේනව ඝාතනය කරලා ඡත්තගාහක කියන මස්සිනා රජකම පැහැර ගන්නවා. ඊට පස්සෙ ඡත්තගාහකගේ පුත්‍රයා මිත්සෙන් කුමාරයා රජ වෙනවා. මිත්සෙන් රජතුමාගේ කාලයේ තමයි අපේ රටට "ෂඩ් ද්‍රවිඩ" ආක්‍රමණය එල්ල වෙන්නෙ. ඒ කියන්නෙ පාණ්ඩු, පාරින්ද, කුද්ද පාරින්ද, තිරිතර, දාඨිය, පීඨිය කියලා ද්‍රවිඩ කුමාරවරු හය දෙනෙක්, ලොකු හමුදාවක් එක්ක අපේ රට ආක්‍රමණය කරනවා. මේ කාලයේ අපේ රටේ තිබ්බෙ
සම්පූර්ණයෙන්ම ඒකාධිකාරී ද්‍රවිඩ පාලනයක්. ප්‍රභූ පවුල්, හාමුදුරුවරු, අහිoසක මිනිස්සු දහස් ගණනක් ඝාතනය වෙනවා. සිoහාසනයට උරුමකම් කියපු කුමාරවරු ඝාතනය වෙනවා. මේ කාලයේ තමයි ධාතුසේන චරිතය කරලියට එන්නෙ. වසභ රජ්ජුරුවන්ගෙන් ආරම්භ වෙච්ච ලම්බකර්ණ වoශය මිත්සෙන් රජ දවස වෙනකන්ම තිබුණා. ධාතුසේන කුමාරයටත් සිoහාසනයට උරුමයක් තිබුණා. ධාතුසේන කුමාරයා මෞර්ය වoශිකයෙක්. ඒ කියන්නෙ යසලාලකතිස්ස රජතුමාගේ වoශයේ.
ධාතුසේන කුමාරයගෙ මාමා කෙනෙක් හිටියා, මහණ වෙලා. මේ හාමුදුරුවන්ගෙ නම "මහානාම". මේ මහා වoශය ලියපු හාමුදුරුවො කියලා තමයි අපේ ඉතිහාසඥයන් පිළිගන්නෙ. ඉතින් ධාතුසේන කුමාරයට සිoහාසනයට උරුමයක් තියෙන නිසා, ඒක කුමාරයගේ ජීවිතයට ලොකු තර්ජනයක් වෙන්න පුලුවන්. ඒක නිසා කුමාරයා පුoචි කාලයේම, මහානාම හාමුදුරුවො කුමාරයව මහණ කරවනවා. කුමාරයත් සාමණේර හාමුදුරු නමක් විදිහට ජීවිතය ගත කරනවා. මේ අතරේ බණ |
දහම් වගේම, රාජ්‍ය පාලන මූලධර්ම ගැනත් ඉගෙන ගන්නවා. ඔය කාලයේ ද්‍රවිඩයන්ට ආරoචි වෙනවා සිoහාසනයට උරුමකම් කියන කුමාරයෙක්, සාමණේර හිමි නමක් විදිහට ඉන්නවා කියලා. මේ නිසා මහානාම හාමුදුරුවන්ට සිද්ධ වෙනවා කුමාරයත් අරගෙන විටින් විට පළාතෙන් පළාතට පැනලා යන්නත්. පාලකයා හිටියොත් රට ආරක්ෂා වෙනවා. රට රැකෙනවා. පාලකයා කොහේ හිටියත් පාලකයම තමයි. පාලකයා ජීවතුන් අතර හිටියොත්, එයාට පුළුවන් අනාගතයේ කවදා හරි දවසක නැගී සිටින්න. පාලකයා නැති වුණොත් මුළු රටම නැති වෙනවා. ඉතින් මහානාම හාමුදුරුවො මේ කුමාරයව තරුණ කාලය වෙනකන් රැක බලා ගන්නවා. කුමාරයට ආරක්ෂාව දෙනවා. තරුණ වයසට ආවයින් පස්සෙ කුමාරයව උපැවිදි කරලා, ලොකු හමුදාවක් හදනවා. ඊට පස්සෙ සැලසුම් සකස් කරලා, කල් යල් බලලා අරගලය දියත් කරනවා.
සැලැස්මට අනුව හොර රහසෙම කුමාරයා සේනාවත් එක්ක ඇවිත්, රාත්‍රී කාලයේ අනුරාධපුරයට ඇතුල් වෙනවා. ඒත් ඒ වැඩේ නම් ලේසි වෙන්නෙ නෑ. මොකද එදා මහ හයියෙන් වැහැලා, අනුරාධපුරේ කලා ඔය පිටාර ගලනවා. ජල මට්ටමත් හොදටම වැඩියි. කලා ඔය තරණය කරලා අනුරාධපුරේට ඇතුල් වෙන්න සිoහල හමුදාවට ලොකු දුෂ්කර ක්‍රියාවක් කරන්න වුණා. මේකට සෑහෙන කාලයකුත් ගියා. කොහොමින් කොහොම හරි සිoහල හමුදාව කලා ඔය තරණය කරලා, අනුරාධපුරයට ඇතුල් වුණා. මේ වෙලාවෙදි ධාතුසේන කුමාරයා, කලා ඔය දිහාවට හැරිලා, කලා වැවට පොඩි සද්ධයකුත් දානවා. "උඹ මට අද බාධාවක් වුණා වගේම, කවදා හරි දවසක මම උඹටත් බාධාවක් වෙනවා".

ඊට පස්සෙ කුමාරයා හමුදාවත් එක්ක ගිහින්, දෙමළ හමුදාවල් එක්ක සටන් කරනවා. ද්‍රවිඩ නායකයො එකින් එක ඝාතනය වෙන්න ගන්නවා. මෙහෙම ගිහිල්ලා අන්තිම ද්‍රවිඩ නායකයයි, දෙමළ හමුදාවයි ඝාතනය වෙනවා. ධාතුසේන කුමාරයා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා. අපේ රට එක්සේසත් කරනවා.
ඊට පස්සෙ කුමාරයා රාජ්‍යත්වයට පත් වෙලා, දේශද්‍රෝහීන් ටික අල්ලන්න වෙනම මෙහෙයුමක් දියත් කරනවා. ඒ කියන්නෙ දෙමළ හමුදාවට උදව් කරපු, සිoහල අය හොයලා ඒ අයව හිරභාරයට ගැනීමේ මෙහෙයුමක්. ඒ අයගේ ඉඩකඩම් ඇතුළු සබ්බ සකලමනාවම රජතුමා රාජ සන්තක කරනවා. අපි මහාසේන රජතුමාගේ ලිපියෙදි සාකච්ඡා කළා නේද, ඉස්සර කාලයේ මිනිස්සු පාලකයන්ගෙන් බලාපොරොත්තු වුණේ මොනවද කියලා...???? |
ඉතින් ධාතුසේන රජතුමත් ඒ කාරණා දෙක ඉෂ්ඨ කරනවා. ධාතුසේන රජතුමා අපේ ඉතිහාසයට එකතු වෙන්නෙ ආගම සoවර්ධනය කිරීම සහ ආර්ථිකය සoවර්ධනය කිරීම කියන කාරණා එක සමාන ප්‍රමාණයකින් ඉෂ්ඨ කරපු පාලකයෙක් විදිහට. ඒ කියන්නෙ ඔක්කොම වැඩ ටික, අඩු වැඩි නැතුව සමබරව කරලා තියෙනවා. "රට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මය. කෘෂි කර්මයෙන් සහල් නිෂ්පාදනය වෙනවා. සහල් කියන්නේ බත්. තුන් වේලටම අපි බත් කෑවා. මේ තමයි රටේ ආර්ථිකය. කෘෂිකර්මයට ජලය ඕන. ජලය නැතුව කරන්න බෑ. ජලය සැපයෙන්නෙ වැව් වලින්. වර්ෂාව නැති කාලයක් වුණත්, කුඹුරු කරන්න පුළුවන් වැව් ජලයෙන්. මේ තමයි අපේ රටේ ආර්ථිකය. ඒ තරමට වැව් වැදගත්". ඉතින් ධාතුසේන රජතුමත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා හිතාගෙන වැව් හදනවා.
රජතුමා මුලින්ම හැදුවේ කලා වැව. අනුරාධපුරය අල්ල ගන්න යනකොට කලා ඔයට සද්ධෙ දැම්මා වගේම, ඒක කරලත් පෙන්නනවා. අක්කර 4425ක කලා ඔය හරස් කරලා, වැවක් හදනවා. ඒ තමයි "කලා වැව". ඊට පස්සෙ කලා වැවේ හතර පැත්තෙන් සොරොව් 4ක් නිර්මාණය කරනවා. කලා වැවෙන් ගන්න වතුරෙන් කුඹුරු අක්කර 7000ක් විතර අස්වද්දලා තියෙනවා. අද කාලෙ වගේ නෙවේ. ඒ කාලෙ කන්න තුනකට වගා කළා කියනවනෙ. අපේ රට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට යටත් වෙලා තියෙන කාලෙත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව රුපියල් 400 000ක් වියදම් කරලා කලා වැව ප්‍රතිසoස්කරණය කරන්නෙ, ඒ තරමටම කලා වැව වැදගත් වෙන නිසා වෙන්න ඇති.

ධාතුසේන රජතුමා මේ විදිහට වැව් 18ක් හදනවා. මහාමත්ත, පාදුලක, හම්බලට්ඨ වගේ වැව් තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. බ්‍රිතාන්‍ය ඉoජිනේරුවන් හිටන් පුදුමයෙන් පුදුමයට පත් කරපු යෝධ ඇළත් (ජය ගග ), ධාතුසේන රජතුමාගෙම නිර්මාණයක්. රජතුමා සමාජ ශුභ සාධනය වෙනුවෙන් ඉස්පිරිතාල එහෙම ගොඩක් නිර්මාණය කරනවා.
ද්‍රවිඩ ආක්‍රමණය සිද්ධ වෙච්ච කාලයේ අපේ රටේ කැඩිලා බිදිලා ගිය පන්සල් ටික ප්‍රතිසoස්කරණය කරනවා. ඒ වගේම අලුතෙන් වෙහෙර විහාරත් හදනවා. කලාවාපි විහාරය, වඩුන්නා විහාරය, දක්ඛිනගිරි විහාරය වගේ වෙහෙර විහාර. හැම අවුරුද්දකම පොසොන් උත්සවයට මිහිදු පෙරහැරක් කරනවා. අභයගිරියෙ ධර්මරුචි නිකායට අයිති හාමුදුරුවරුන්ට විහාරයක් කරවනවා (මහා විහාරයේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීමක් අනුව ). රට වටේට බුදු පිළිම, පිළිම ගෙවල් එහෙමත් හදනවා. ලoකාවේ උසම බුදු පිළිමය වෙන, "අවුකන පිළිමය"ත් ධාතුසේන රජතුමාගෙ වැඩක් කියලා තමයි විශ්වාස කරන්නෙ. මොකද අවුකන බුදු පිළිමයයි, කලා වැවයි තියෙන්නෙ එක ළග නිසා.

පිහිටි ගලින්ම නෙළලා තියෙන අවුකන බුදු පිළිමයේ උස අඩි 42ක් විතර වෙනවා. දකුණු අතින් අභය මුද්‍රාව විදහා දැක්වෙන අවුකන බුදු පිළිමයේ සිරපත, පස්සෙ කාලෙක එකතු කරපු එකක්. වම් අතින් සිවුර අල්ලාගෙන ඉන්නා විදිහට නිරූපණය කරලා තියෙනවා. අත් දෙකම උඩට ඔසවාගෙන සිටීම පිළිමයේ තියෙන එක විශේෂත්වයක්. අනිත් විශේෂත්වය තමයි පිළිමයේ තියෙන තාත්වික බව. සජීවී බව. පිළිමයේ තියෙන තාත්වික බව කොච්චරද කිව්වොත්, චීවරය ඇතුළෙන් බුදු හාමුදුරුවන්ගෙ බද පටියත් දිස් වෙන විදිහට, සියුම්ව කැටයම් කරලා තියෙනවා. වැස්ස දවස්වලදි පිළිමයේ ශීර්ෂයට එක් වෙන වතුර නළල දිගේ ඇවිත්, නාසයෙන් කෙලින්ම පහළ තියෙන පද්මාසනයට වැටෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා බුදු පිළිමය හදන්න මිනුම් ක්‍රම 100%ක්ම හරි විදිහට පාවිච්චි කරලා තියෙනවා කියලා. නැගෙනහිර දිහාවට හැරිලා තියෙන මේ බුදු පිළිමය, ඉර එළියෙන් (අව්වෙන්) නෑවිලා යන නිසා (අව්ව+කන), අවුකන බුදු පිළිමය වුණා කියලා විශ්වාස කරනවා. පිළිමය වටේට තියෙන ගොඩනැගිලි සහ අත්තිවාරම් වලින් පැහැදිලි වෙනවා, පිළිමය කේන්ද්‍ර කර ගෙන ආරාම සoකීර්ණයක් තිබ්බා කියලා.
ඒ වගේම රජතුමා රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය කියන චෛත්‍යය තුනෙම හුණු පිරියම් කරනවා. මේකත් විශේෂයෙන්ම අගය කරන්න ඕන. මොකද ඕනෑම දෙයක් නිර්මාණය කරන්න ලේසියි. ඒත් ඒක ඒ විදිහටම පවත්වා ගෙන යන්න අමාරුයි. ඒ නිසා ඒක හැම තිස්සෙම නඩත්තු කරන්න ඕන. ප්‍රතිසoස්කරණය කරන්න ඕන. පහළින් තියෙන්නෙ 2011 අවුරුද්දෙ වරුණ කමලවoශ සහෝදරයගෙ කැමරා කාචයේ සටහන් වුණු රුවන්වැලි මහා සෑයේ හුණු පිරියම් කිරීමේ පින්තූර වගයක්. හතරැස් කොටුවෙයි, මිනිස්සුන්ගෙයි ප්‍රමාණය බැලුවම පේනවා නේද ඒක කොච්චර නම් අමාරු වැඩක්ද කියලා. එහෙනම් ඊටත් වඩා ලොකු ජේතවනාරාමයේ, අභයගිරියේ හුණු ගාන්න ධාතුසේන රජතුමාට කොච්චර වියදමක් යන්න ඇත්ද..????

ලස්සනට කියලා නොදන්න අය කිව්වට, චූඩා මාණික්‍යයකින් කෙරෙන්න අකුණු පාරවල් එන එක වළක්වන එක. ඒ කියන්නෙ මේක අකුණු සන්නායකයක්. ඒ කියන්නෙ මීට අවුරුදු දහස් ගණනකට කලින් අපේ අය අකුණුවල ස්වභාවය, විද්‍යාව ගැන එහෙම දැනගෙන ඉදලා තියෙනවා. අපේ රටේ පළවෙනි අකුණු සන්නායකය හදන්නෙ දුටුගැමුණු රජතුමාගෙ කාලයේ. ඒ රුවන්වැලි මහා සෑයෙ හයි කරන්න. ඒත් ඒ වෙනකොට ඔය බටහිර රටවල්වල නොදියුණු මිනිස්සු හිතන් හිටියෙ අකුණු ගහන කොට, දෙවි කෙනෙක් අහසෙ ඉදගෙන පොළවට ගිනි බෝල එවනවා කියලා. ඒත් අපේ අය දැනන් හිටියා මේක ස්වභාවික දෙයක් කියලා. එහෙම ගත්තම ලෝකයේ පළවෙනි අකුණු සන්නායකය හැදුවෙ අපි. ඒ "ලෝකයේ පළවෙනි අකුණු සන්නායකය නිර්මාණය කිරීමේ" ගෞරවය අපෙන් උදුර ගත්තු "බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්" ඉපදෙන්නත් අවුරුදු 1867කට කලින්. ඉතින් බලන්නකො එදා හෙළයා සතු දැනුම..???? අදෘෂ්‍යමාන ස්ථිති විද්‍යුත් ආරෝපණය, ඉලෙක්ට්‍රෝන ගැන එහෙම දැනගෙන ඉදලා තියෙනවා.
මේ ගැන Facebook එකේ ප්‍රවීන් ගුණවර්ධන කියලා මහත්මයෙක් හොද ලස්සන විග්‍රහයක් කරලා තිබුණා, රූප සටහනකුත් ඇදලා. ඉතින් එතුමාගේ අදහස් ඒ විදිහටම අපි පහතින් සදහන් කරන්න හිතුවා. හැබැයි ඉතින් මේක ඵල කරන්න අවසරය ගන්න, අපිට එතුමාව නම් සම්බන්ධ කර ගන්න බැරි වුණා.
"අකුණු සන්නායකින් වෙන්නේ ආරෝපිත වළාකුළු අනාරෝපිත කිරීමයි. උදාහරණයක් විදියට ධන ආරෝපිත වළාකුලක් අකුණු සන්නායකයක් ගාව තියෙනවා කියලා හිතමු, එතකොට වෙන්නේ රින ආරෝපිත ඉලෙක්ට්‍රෝන පොළොවේ සිට සන්නායකය දිගේ ඇවිත් එම වළාකුලට විද්‍යුත් සුලඟක් යවා අනාරෝපනය කිරීමයි. නැති නම් ධන ආරෝපනම එවා එම අකුණු වළාකුල විකර්ශනය කර දැමීමයි. ඉතින් මේ දේ ඉස්සෙල්ලාම ප්‍රායෝගිකව යොදාගෙන තියෙන්නේ පැරණි ලාංකික රජවරු. ඒ දාගැබ් හදද්දී. ඔයාලා දැකලා ඇති හැම දාගැබකම වගේ තියෙන්නේ තඹ වලින් හදපු කොතක්. මේ කොතේ ඉඳලා පහලට තඹ පටියක් පොලවට සම්බන්ධ වෙනවා.මම දළ සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න. අකුණ දිහාවට ඇඳලා තියෙන ඊ තල අර විද්‍යුත් සුලඟ. ඉතින් මේ කොත තනිකරම අකුණු සන්නායකයක් බව ඔයාලට හිතා ගන්න පුලුවන් නේද? විස්මිත කරුණ වන්නේ වන්ඳනා කරුවන්ට වන්ඳනා කරන්න හදලා තියෙන කොටස සම්පූර්නයෙන්ම අකුණු වලින් ආරක්ෂිතයි. ඒ අර්ධ ගෝලය තුල ඒ කොටස පූර්ණ ආරක්ෂිතයි කියලා හොයාගත්තේ කොච්චර කාලෙකට පස්සේද?? ඒ වුනාට අපේ රජවරු ඒ තාක්ෂනේ ඒ කාලෙත් යොදන් තියෙනවා".

ධාතුසේන රජතුමාගේ මරණය නම් ස්වභාවික මරණයක් නෙවේ. ධාතුසේන රජතුමාගේ බිසවට පුත්‍රයෙක් හිටියා "මුගලන්" කියලා. ධාතුසේනගෙන් පස්සෙ රජකම හිමි වෙන්නෙ මුගලන් කුමාරයට. ධාතුසේන රජතුමාගෙ තවත් බිසවකගෙ පුත්‍රයෙක් හිටියා "කාශ්‍යප" කියලා. කාශ්‍යප මුගලන්ට වඩා වැඩිමල්. ධාතුසේන රජතුමා මුගලන් කුමාරයට රජකම දෙන්න කලින්, කාශ්‍යප කුමාරයා රජතුමාව හිර කරලා බලෙන් රජකම ගන්නවා. ජීවිත අවදානම නිසා මුගලන් කුමාරයා, කාශ්‍යපගෙන් බේරෙන්න ඉන්දියාවට පැනලා යනවා. ඒත් එක්කම කාශ්‍යප කුමාරයාගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් හොල්මන් කරන්න ගන්නවා."අපේ තාත්තා දැන් අවුරුදු ගාණක් මේ රටේ රජ්ජුරුවෝ. අපේ රටේ මිනිස්සුත් බොහොම කැමැත්තෙන් හිටියෙ. මිනිස්සු මේ විශාල කාලය ඇතුළත වටිනා වස්තුව එහෙමත් ගෙනත් දෙන්න ඇති. මේ වස්තුව ඔක්කොම ටික මගේ කර ගන්න ඕන". එහෙම හිතපු කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාගෙන් වස්තුව ඉල්ලනවා. එතකොට ධාතුසේන රජතුමා මෙහෙම කියනවා. "ඔව්. මගේ ගාව වස්තුව තියෙනවා. ඒ වගේම වස්තුව එකතු කරලා ලොකු නිධානයකුත් තියෙනවා. මාව කලා වැව ළගට එක්කන් ගියොත් මම ඒ නිධානය පෙන්නන්නම්". ඉතින් මේක විශ්වාස කරන කාශ්‍යප කුමාරයත් නිධානය ගන්න, ධාතුසේන රජතුමාව, ධාතුසේන රජතුමාම නිර්මාණය කරපු කලා වැව ළගට එක්කගෙන යනවා. කාශ්‍යප කුමාරයාට මේ නිධානය, වස්තුව ගන්නකන් ඉවසිල්ලක් නැතුව යනවා. "ඕයි. කෝ දැන් ඔය කියන නිධානය..???". එතකොට කලා වැව පෙන්නලා ධාතුසේන රජතුමා කියනවා "මේ තමයි නිධානෙ" කියලා. මේක අහපු කාශ්‍යප රජතුමාට යක්ෂයා ආවේශ වෙනවා. "මේකටද යකෝ උඹ අපිව මෙච්චර දුරක් එක්ක ආවෙ..???? " කියාගෙන කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාව කලා වැවේ බැම්මට හේත්තු කරවලා, හිතවත් අයත් එක්ක මැටි වලින් ගහලා රජතුමාව ඝාතනය කරනවා.
ඉතින් ධාතුසේන රජතුමාගේ ඒ ප්‍රකාශය ගැන වoශ කතාකරුවො ගොඩක් ඉහළින් වර්ණනා කරලා තියෙනවා. මොකද වැව තමයි ඒ කාලයේ අපේ රටේ ආර්ථිකය. වැව නෑ කියන්නෙ, කුඹුරු කරන්න බෑ. කුඹුරු කරන්න බෑ කියන්නෙ බත් කන්න බෑ. බත් කන්න බෑ කියන්නෙ මිනිස්සු බඩගින්නෙ. ඒක නිසා ධාතුසේන රජතුමා කලා වැව, නිධානයකට උපමා කළා කියලා අද කාලයේ අයත් විශ්වාස කරනවා.

හැබැයි ඉතින් ජනප්‍රවාදයේ තියෙන විදිහට නම් ධාතුසේන රජතුමාට ඇත්තටම නිධානයක් තිබිලා තියෙනවා. ඒක හoගලා තිබිලා තියෙන්නෙ කලා වැවේ පතුලේ. අද නැති වුණාට ඉස්සර ඔය අවුකන බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා වලට මැණික් ගල් අල්ලලා තිබුණලු. ඒත් එහෙම ගල් අල්ලපු බවක් නම් අද පරික්ෂා කරලා බැලුවට පේන්න නෑ. ඒත් ජනප්‍රවාදයේ තියෙන විදිහට අවුකන බුදු පිළිමයේ නේත්‍රා වලට (මැණික් ගල් උඩට) පතිත වෙන හිරු කිරණ, පරාවර්තනය වෙලා කලා වැව මැද්දෙ එක තැනකට දර්ශනය වෙලා තියෙනවා. අන්න ඒ දර්ශනය වෙච්ච
|
තැන යට පතුලෙ ඒ නිධානය හoගලා තිබුණලු. අදත් කැළෑවල නිධාන හොයා ගන්න පුලුවන් වෙන්න ඒ වගේ සළකුණු තියෙනවා. අපේ අය කරන්නෙ එතන නිධානයක් කියලා, සළකුණ තියෙන තැන කඩලා, එතන හාරනවා. නිධානය තියෙන තැන අදුර ගන්න සළකුණ එපැයි. සළකුණ නැතුව යනවා කියන්නෙ ඉතින් නිධානය සැගවිලා යනවා කියන එකයි. සමහරක් අය උපකල්පනය කරනවා ධාතුසේන රජතුමා, කාශ්‍යප කුමාරයට නිධානය ගැන කිව්වෙ නැත්තෙ, කිව්වත් නැතත් රජතුමාව මරලා දාන නිසා වෙන්න ඇති කියලා. තවත් අය හිතනවා රජතුමා කලා වැව දිහාවට අත දික් කරලා පෙන්නුවේ, කලා වැව ඇතුළෙ තියෙන නිධානයටයි. ඒත් කාශ්‍යප කුමාරයා ඒක වැරදියට වටහා ගත්තාය කියලා. හැබැයි මේක ජනප්‍රවාදයක් විතරයි. ඒත් මේ ජනප්‍රවාදය බැරි වෙලාවත් ඇත්තක් නම්, ධාතුසේන රජතුමාගේ නිධානය අදටත් කලා වැවේ පතුලෙ, කොහේ හරි තැනක සැගවිලා ඇති...!!!!!!!!
0 comments:
Post a Comment