Wednesday 10 April 2013

Posted by Unknown On 08:02

Picture
අපේ රටට ශ්‍රී සම්බුද්ධ සද්ධර්මය වැඩම කරන්නේ මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායමෙන්. ඒ පිරිසිදු ථේරවාදයයි. අද ලෝකයේ තියෙන පිළිගැනීම අනුව ථේරවාදය කියලා කියන්නේ සුපිරිසිදු බුදු දහමයි. භාරතයේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහයෙන්, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සෙගේ ප්‍රධානත්වයෙන්, මහ රහතුන් දහසකගේ සහභාගීත්වයෙන්, ගෞතම බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 218කට පසුව, පැලලුප් නුවර අශෝකාරාමයේදී පවත්වපු තෘතීය ධර්ම සoඝායනාවෙන් පසුව බුදු සසුනේ විශාල දෙදරීමක් සිදු වෙනවා. එකම ශාස්තෘවරයෙක් යටතේ පැවති සසුන කෑලි 18කට කැඩිලා යනවා. ඒවා නිකායවල් කියලා හදුන්වනවා. ධර්මය එකමයි. හැබැයි සුළු සුළු තැන් වෙනස්. සම්ප්‍රදායවල් වෙනස්. මේ අතරින් අද ලෝකයේ වඩාත්ම ජනප්‍රිය තැනක් ගන්නේ ථේරවාදය,මහායානය,වජිරයානය සහ සෙන් ධර්මයන්. මේ අතරින් මහායානයත්, ථේරවාදය සමග කරට කර හැපෙමින් ඉදිරියෙන්ම ඉන්නවා. අපේ රටේ මහින්ද මහ රහතන් වහන්සේ වැඩම කරපු කාලයේ ඉදන්ම අඛන්ඩව පැවතුනේ සුපිරිසිදු ථේරවාදයයි.
අපේ රටට වෛතුල්‍යවාදය පළවෙනි වතාවට පැමිණෙන්නේ "වෝහාරික තිස්ස" රාජ්‍ය පාලන සමයේ. වෛතුල්‍යවාදය කියන්නේ, මහායානයටම කියන තවත් සමාන පදයක්. මහායානික භික්ෂුන් වහන්සේලා, අපේ රටේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. ප්‍රචාරය කරන්නේ මහායානික අදහස්.වෝහාරික තිස්ස රජ්ජුරුවෝ මේ භික්ෂූන් වහන්සෙලාව අල්ලලා , කන්දකින් පල්ලෙහට තල්ලු කරලා දැම්මා කියලා පොත්පත් වල සදහන් වෙනවා. මේ භයානක සිදු වීම නිසා, අපේ රටේ මහායාන ධර්මය ප්‍රචාරය වීම ටික කාලයකට නතර වෙනවා. ආයිත් අපේ රටේ මහායානය ප්‍රචාරය වෙන්න පටන් ගන්නේ ගෝඨාබය (රාජපක්ෂ නෙවේ ඕන්) රාජ්‍ය සමයේදී. අපේ රටේ ගෝඨාබය නමින් රජවරු දෙන්නෙක් ඉදලා තියෙනවා. හැබැයි අධ්‍යනයේ පහසුවට 4 වන පරාක්‍රමබාහු, 8 වන පරක්‍රමබාහු, 7 වන බුවනෙකබාහු, 2 වන මුගලන්, 3 වන විජයබාහු ආදී වශයෙන් එක වගේ නම් තියෙන රජවරුන්ට කරනවා වගේ අoක යෙදීමක් සිදු කරලා නෑ. මින් එක්කෙනෙක් කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ පියා. ඒ ගෝඨාබය ගැන සදහන් වෙන්නේ කාවන්තිස්ස රජුගේ පියා ලෙස විතරමයි. වෙනත් කිසිම සදහනක් සාහිත්‍ය මූලාශ්‍රවල නෑ. ඒත් අනිත් ගෝඨාබය ගැන කියන්න කරුණු කාරණා එමටයි. ඒ මහාසෙන් රජ්ජුරුවන්ගේ පියා. ඒ වගේම සිරිසගබෝ රජතුමාගේ සහෝදරයෙක්. මේ කතා කරන්නේ අන්න ඒ ගෝඨාබය ගැනයි.  

Picture
මහායාන භික්ෂූන්
Picture
ථේරවාදී භික්ෂූන්

අපේ රටේ තියෙන ථේරවාදය එදා ඉදලම ආරක්ෂා කළේ, දේවානම්පියතිස්ස රජ දවස ස්ථාපිත කරපු "මහා විහාරය"යි. අද නම් හරියට බුද්ධ ශාසන අමාත්‍යාoශය වගෙයි. විදෙස් රටකින් වැඩම කරපු මහායානික භික්ෂූන්, මෙහේ මහායානය ප්‍රචාරය කරන කොට, ථේරවාදය අගයන මහා විහාරය ඇවිස්සෙනවා."
රජතුමනි මේ, අපේ රටේ එදා ඉදලම තිබුණෙ ථේරවාදී ධර්මයයි. දැන් මෙහාට කොහෙන්දෝ මහායානික හාමුදුරුවරු ටිකක් කඩා පාත් වෙලා, මහායානය ප්‍රචාරය කරනවා. මහායානය කියන්නේ පට්ටපල් බොරුවක්. ඇයි ඔබතුමා එයාලා, අපේ රටේ මිත්‍යා දෘෂ්ටිය පතුරවනකන් බලා ගෙන ඉන්නේ..???" ඔන්න මහා විහාර වoශිකයන්ගේ වචන ටික. මේක අහපු ගෝඨාබය රජ්ජුරුවෝ, මහායානික භික්ෂූන් වහන්සේලාගේ ශරීරවල, රත් කළ යකඩයකින් සළකුණු තබලා රටින් පිටුවහල් කළා. මේ මහායානික භික්ෂූන්, ලoකාවෙන් ඉන්දියාවට වැඩම කළා. කාලයක් ගත වුණා.

දැන් අර මහායානික භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නෙ ඉන්දියාවේ. මේ සිදු වීමට මුහුණ දීපු එක භික්ෂූන් වහන්සේ නමකගේ ශිෂ්‍යයෙක් ඉන්නවා "සoඝමිත්ත" කියලා. සමහරක් අය කියනවා මෙයා ශ්‍රී ලාoකික භික්ෂුවක් කියලා. කොහොමින් කොහොම හරි තමන්ගේ ගුරු හාමුදුරුවන්වනාවනකොට,උන්වහන්සේගේ පිටේ ඇති සළකුණ සoඝමිත්ත දකිනවා. උන්වහන්සේගෙන් වරක් දෙවරක් නෙවේ, කිහිප වරක්ම ඇහුවත්, ඒ ගැන කිසිම දෙයක් සoඝමිත්තට දැන ගන්න වුණේ නෑ. ඒත් සoඝමිත්ත උත්සහය අත හරින්නෙ නෑ. ඉතින් තමන්ගේ ගෝල හිමි නමගෙන් බේරෙන්න බැරි නිසා, ගුරු හිමි නම තමන්ට ලoකාවෙදි වුණු අකරතැබ්බය ගැන කියනවා. මේ කතාව අහන සoඝමිත්තගේ සිත තුළ මහා විහාරය සහ ගෝඨාබය රජු කෙරෙහි විශාල වෛරයක් ගොඩ නැගෙනවා. අන්තිමේදී මහා විහාරයෙන් සහ ගෝඨාබය රජුගෙන් පළි ගන්න, සoඝමිත්ත ලoකාවට එන්න තීරණය කරනවා. ලoකාවට එන සoඝමිත්ත මහා විහාරයෙන් පළි ගන්න, මාස්ටර් ප්ලෑනක් ගහනවා.

සoඝමිත්ත මුලින්ම කළේ, ගෝඨාබය රජ්ජුරුවො එක්ක මිත්‍ර වෙන එකයි. ඉතින් සoඝමිත්ත, ගෝඨාබයව විටින් විට මුණ ගැහිලා, කතා බස් කරන්න වුණා.
Picture
විශාල කාලයකට පස්සේ මේ දෙන්නා ගොඩක් කුළුපග මිතුරන් බවට පත් වෙනවා. හැබැයි සoඝමිත්තගේ යටි අරමුණ ගැන නම්, ගෝඨාබය දැනන් හිටියේ නෑ. දැන් ගෝඨාබයටත් සoඝමිත්තව ඉහළින්ම විශ්වාසයි. කොච්චරක් විශ්වාසද කියනව නම් තමන්ගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයත්, සoඝමිත්තට භාර දෙනවා. සoඝමිත්ත ගෝඨාබයගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුත්ත එක පයින්ම භාර ගන්නවා. ගෝඨාබයට දරුවො දෙන්නයි. වැඩිමලා "ජෙට්ඨතිස්ස" . බාලයා "මහසෙන්".
ඔන්න දැන් වෙලාව හරි සoඝමිත්තගේ අරමුණ ක්‍රියාත්මක කරන්න. සoඝමිත්ත, කුමාරවරු දෙන්නට අධ්‍යාපනය දෙන ගමන්, මහායානික අදහස් කුමාරවරුන්ගේ ඔළුවලට දාන්න පටන් ගත්තා. මොකද පුoචි ළමයින්ගේ සිත් පිරිසිදුයි. ඕනෑම දෙයක් පුoචි කාලයේදී පුරුදු පුහුණු කරන්න පහසුයි. පුoචි කාලයේ පුරුදු පුහුණු කරපුවා, වැඩිහිටි වයසට ආවත් කරන එක කරනවාමයි. "මහා විහාරයේ අය කරන්නෙ බොරුවක්. එයාලා නිකන් ඉදගෙන මිනිස්සු දෙන දාන වළදනවා. ථේරවාදය හරියන්නෙ නෑ. මහායනයයි හරියන්නේ. මහායානික භික්ෂුව උසස්. නියම සද්ධර්මය තියෙන්නේ අන්න එතනයි. මහා විහාරය මෙහෙන් අතුගාලා දාන්න ඕන. එයාලා මේ රටේ මිනිස්සුන්ට මිත්‍යාව පුරුදු කරනවා" , ඔන්න සoඝමිත්ත කුමාරවරුන්ට උගන්නපුවා. වැඩිමලා වුණු ජෙට්ඨතිස්ස මේ වචන, ඒ කණින් අහලා, මේ කණින් පිට කළත්, බාලයා වුණු මහා සේන මේ කරුණු එකක් නෑර විශ්වාස කරනවා. හොදින් හිතට ගන්නවා. සoඝමිත්ත තමන්ගේ අරමුණ ක්‍රියා කරවන්න අඩි තාලම දාන්නෙ ඔන්න ඔහොමයි. 
පේනවා නේද ගෝඨාබය කර ගත්ත දේ...???? අහක යන නයි, අර මොකක්ද එකක් අස්සෙ දාගන්න එපා කියන්නෙ අන්න ඒකයි. හොයන්නෙ බලන්නෙ නැතුව ආශ්‍රය කරන්න ගත්තට හොද පාඩමක්. එහෙම නේද..??? කොහොමින් කොහොම හරි නොසිතූ මොහොතක ගෝඨාබය මිය යනවා. දැන් රජකම ගන්න ඉන්නේ වැඩිමලා වන ජෙට්ඨතිස්ස.ජෙට්ඨතිස්සගෙන් පස්සෙ මහසෙන්ට. සoඝමිත්තගෙ අදහස් පිළිගත්තු මහසෙන් රජවෙන්න තව සෑහෙන කාලයක් යනවා. මහා විහාරයෙන් පළිගන්න තවත් කල් යනවා. සoඝමිත්තට ඉවසගෙන ඉන්න බැරි වුණා. දැන් සoඝමිත්ත ආයිත් "මාස්ටර් ප්ලෑන්" එකක් ගහනවා ජෙට්ඨතිස්සව මරන්න. මේක ගොඩක් සූක්ෂම විදිහටයි කරන්න යන්නෙ. ගෝඨාබයගෙ ආදාහන උත්සවයෙදී, චිතකය දල්වන්න යන්නෙ ජෙට්ඨතිස්ස. ජෙට්ඨතිස්ස චිතකය දල්වනවා. චිතකයට ගිනි ඇවිලිලා ගිනි ගන්නවා. මනුස්සයෙක්ව දානවා මිනිස්සු ඉස්සරහට පිස්සෙක් වගේ අන්දලා. එයා පිස්සුවෙන් වගේ දුවගෙන ඇවිත් ජෙට්ඨතිස්සව ගිනි ගොඩට තල්ලු කරනවා. ජෙට්ඨතිස්ස මැරෙනවා. රජකම මහාසෙන්ට යනවා. පිස්සා ඉතින් පිස්සාම නෙහ්! ඒක ඒ මිනිහා හිතලා කරපු දෙයකුත් නෙවේ. ඒක මානසික රෝගයක්. පිස්සා කියලා මරන්න යෑ. කොහොමද ටිකිරි මොළේ..???  ඒත් ඊට කලින්,සoඝමිත්තගේ ප්ලෑන ජෙට්ඨතිස්ස ළගට යනවා. ජෙට්ඨතිස්ස, ගෝඨාබයගේ ආදාහන උත්සවයට එන්නෙ නැතුව, මාළිගාවෙ නවතිනවා. ආදාහන උත්සවය ඉවර වෙනවත් එක්කම, ජෙට්ඨතිස්ස රජ වෙනවා. "දැන් නම් බඩු හරි" කියලා සoඝමිත්තට හිතිලද මන්දා, සoඝමිත්ත ඉන්දියාවට පැනලා යනවා. 
Picture
Picture
Picture
මේ ඔක්කොම වෙලා අවුරුදු 10ක් ගත වෙනවා. ජෙට්ඨතිස්ස මිය යනවා. මහාසෙන්ට රජකම නීත්‍යානුකූලව ලැබෙනවා. "දැන් හරි මහා විහාරයට වැඩක් දෙන්න" කියලා හිතා ගෙන ඔන්න, සoඝමිත්ත ආපහු ලoකාවට එනවා. මහාසෙන් රජ්ජුරුවොන්ගේ උපදේශක වෙනවා. දැන් මහසෙන්ට පුoචි කාලයේ එකින් එක උගන්නපු, මහා විහාර විරෝධී අදහස් ටික සoඝමිත්ත , ආයිත් මහසෙන්ට එකින් එක මතක් කරනවා. මහා විහාරය විනාශ කරන තැනට, මහාසෙන්ගේ මානසිකත්වය හදනවා.

මහාසෙන් නීතියක් දානවා "මහා විහාරයට දානය දෙන්න එපා" කියලා. ඒත් මහා විහාරයේ වටිනාකම දන්න ජනතාව, මහා විහාරයට දිගින් දිගටම දන් දුන්නා. ඊට පස්සේ මහාසෙන් නීතියක් දානවා "මහා විහාරයට දානය දෙන අයට දඩ ගහනවා" කියලා. මිනිස්සු දානෙ පෙට්ටියත් එක්ක, අවශ්‍ය කරන දඩ මුදලත් අරගෙනම තමයි මිදුලට බහින්නේ. යනකොට දඩය ගෙවා ගෙන, දානෙ පෙට්ටියත් අරන් මහා විහාරයට යනවා. ඊට පස්සෙ නීතියක් ගෙනවා "මහා විහාරයට දානය දුන්නොත් අත් පා කපනවා" කියලා. ඒත් අපේ මිනිස්සු අත් පා කපාගෙන, මහා විහාරයට දානය ගෙනියනවා. ඊට පස්සේ නීතියක් දානවා " මහා විහාරයට ගියොත් කෙලින්ම මරලා දානවා" කියලා. අපි කොයි කවුරුත් අපේ ජීවිත වලට ආදරේ. මැරෙන්න බයයි. මේ නිසා මිනිස්සු මහා විහාරයට එන යන එක නතර වුණා. මහා විහාරයේ හාමුදුරුවරුන්ට දානය ලැබෙන්නෙ නැතුව ගියා. දන් නොලත් හාමුදුරුවරු මහා විහාරය අත හැර ගියා. බොහෝ දෙනෙක් විදෙස් රටවලට ගියා. දැන් මහා විහාරය පාලුවට ගිය තැනක්.

අද වගේ නෙවේ ඉස්සර. ඉස්සර හිටියෙ ලද දෙයින් සතුටු වුණු පිරිසක්. ඒ අය තමන්ට අවශ්‍ය දේ පමණක් ලබා ගෙන, සරල ජීවිත ගත කළා. ඉතින් ඒ අයට එක පාරටම වටිනා කියන මැණික් ගලක්, රත්තරන් කෑල්ලක්, ඇත් දළක් වගේ ,අද කාලයේ හැටියට ගොඩක් වටිනා කියන දෙයක් හම්බවුනාම, ඒවයින් මොනවා කර ගන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ අය ඒ ඔක්කොම පන්සල්වලට පූජා කරනවා. හාමුදුරුවරුත් ඉතින්, දායක ඇත්තො ශ්‍රද්ධාවෙන් දෙන දේවල්නෙ කියලා , පන්සලේ ගොඩ ගහ ගන්නවා. මේ නිසා ඒ කාලයේ පන්සල් ධනය ගබඩාවක් වුණා. වටිනා දේවල් පිරිලා. ඒ නිසා තමයි අද ඔය "නිධන් හොරු" කියලා ජාතියක් බිහි වෙලා තියෙන්නෙත්. අපේ රටේ තිබුණු ප්‍රධානම විහාරය වුණු මහා විහාරය මහා ධනස්කන්ධයකින් පිරිලා. ඉතින් සoඝමිත්තයි , එයාගේ ගෝලයො රොත්තයි, මහා විහාරය කොල්ල කෑවා. ඒ ඔක්කොම වස්තු තම තමන්ගේ වාසස්ථාන වලට ගෙනිච්චා. ඊට පස්සේ මහා විහාරය ඩෝසර් කරනවා. ඒ කියන්නේ බිමටම සමතලා කරනවා, අලි ඇත්තු දාලා. දැන් මහා විහාරයක් තියා, මහා විහාරයක් තිබ්බ තැනක්වත් හොයා ගන්න බෑ. ඒ ඉඩමෙ ඇත්තු දාලා උදු වැපිරුවා කියලා තමයි මහා වoශයේ නම් තියෙන්නෙ.
Picture
Picture
Picture
Picture
බලන්න ගුරුවරයෙක් නිසා මහසෙන් නොමග ගිය හැටි. ප්‍රභාකරන්ට වුණෙත් ඔය දේමනෙ. 2009 අප්‍රේල්වල පුදුමාතලන්,පුදුකුඩිරිප්පු පැතිවලින් දෙමළ මිනිස්සු, ත්‍රස්තවාදී පාලන ප්‍රදේශවලින් මිදිලා, හමුදා පාලන ප්‍රදේශවලට එනකොට, ඒ අයත් එක්ක ප්‍රභාකරන්ගේ අම්ම්යි තාත්තත් ආවනෙ. මාධ්‍යයට ප්‍රභාකරන්ගෙ තාත්තා, පාපොච්චාරණයක් කරනවා. ප්‍රභාකරන්ව ඔය තත්වයට පත් කළේ, එයා තරුණ කාලයේදී එයාට "ටියුෂන්" දීපු "ටියුෂන් මාස්ටර්". සිoහල මිනිස්සුන් ගැන වැරදි අවබෝධයක් ප්‍රභාකරන්ට ලබා දෙනවා උගන්නන ගමන්. ප්‍රභාකරන්ගේ සිතේ සිoහල මිනිස්සු ගැන ඇති වෙන වෛරය පිරිමැහුවේ නැති කර ගත්තේ ,අහල පහල ඉන්න ලේන්නු, හූනො වගේ අහිoසක සත්තුන්ට ඉදිකටු වලින් ඇනලා. ටියුෂන් මාස්ටර් නිසා ප්‍රභාකරන් වෙනස් වුණු වෙනස් විල්ල, මෙච්චර කාලයක් අපේ රටේ පය ගහගෙන හිටපු ඔයාලට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නෙ..??? මේ දේවල් ගැන බලනකොට ජීවමාන බුදු හාමුදුරුවන්ගෙ කාලයේ හිටපු අහිoසක, අoගුලිමාලා බවට පත් වුණු එක ගැන ඒ තරම්ම පුදුම වෙන්න දෙයක් නෑ.

ඉතින්.... කොහොමින් කොහොම හරි මහාසෙන් මේ කළ දේට විරුද්ධව විශාල ජනතා බලවේගයක් ගොඩ නැගෙනවා. රට පුරාවටම කැරලි කෝලහාල නිර්මාණය වෙනවා. මේ අතරතුර සෙබළුන් දහස් ගණනකින් සමන්විත කැරලිකරුවන්ගේ තවත් හමුදාවක් මාළිගාව දිහාවට එනවා. මේ ගැන වැඩි විස්තර හොයලා බැලින්නම්, හමුදාවට නායකත්වය දෙන්නෙ, මහසෙන්ගේ හොදම හොද මිත්‍රයෙක්. මේ මිත්‍රයාගෙ නම "මේඝවණ්නාභය" යි. මහසෙන්ට මේක අදහගන්නත් බැරි වෙනවා. තවත් හොයලා බලනකොට මහසෙන්ගේ මිත්‍රයව මෙහෙයවන්නේ, මහාසේනගේම බිසව.මාළිගාවට එන්න කලින් අතර මගදීම මේ හමුදාව නවත්තන්න තීරණය කරන මහාසේන, තමන්ගේ රාජකීය හමුදාවත් අරගෙන පිටත් වෙනවා. හමුදාවල් දෙකම ලොකු තැනිතලා භූමියකදි මුණ ගැහෙනවා. භූමිය දෙපැත්තේ කදවුරු බැද ගත් හමුදාවන්, පහුවදා ප්‍රති විරුද්ධ හමුදාවන් එක්ක යුද්ධ කරන්න ලෑස්ති වෙනවා.
දැන් නම් හොදටම රෑ වෙලා. මහාසෙන් රජතුමා, තමන්ගේ කූඩාරමේ ඉදන් රාත්‍රී ආහාර වේල ගන්න ලෑස්ති වෙනවා. ඒත් රජතුමාට ලොකු අමුත්තක් දැනෙනවා. මේ රජතුමා තමන්ගේ ආහාර වේලත් අරගෙන, එහා පැත්තෙ තියෙන කැරලිකාර හමුදාවේ බල ප්‍රදේශය හොර රහසේ ඇතුළු වෙලා, ඒ හමුදාවට නායකත්වය ලබා දෙන තමන්ගේ මිත්‍රයාගේ කූඩාරමට එනවා. එතන ඉදන් මේ දෙදෙනා අතර සoවාදය ඇරඹෙන්නෙ මෙහෙමයි...
මහාසේන ;-
මචන්.අපි පොඩි කාලයේ ඉදන්ම හැදුනෙ වැඩුනෙ එකට. උඹ මගෙ හොදම යාළුවා.අපි දෙන්නා පොඩි කාලේ ඉදන්ම කෑම කෑවෙ එකට වාඩි වෙලා. ඉතින් ඇයි අපි අද විතරක් තැන් දෙකක ඉදන්, වෙන වෙනම කෑම කන්නේ? අදත් අපි වෙන්දා වගේම එකට කමු.

මිත්‍රයා ;-
ඔව්. අපි එහෙම කරමු. එහා පැත්තෙ ඉදන් මෙහාට ආවෙ මේ කාරණාව නිසානේ. ඔච්චරටම ඔහේ නිර්භීතද හැබෑවටම..???

මහාසේන ;-
ඒක නෙවේ. මට තියෙන ප්‍රශ්නය. උඹ මාත් එක්ක එකට ඉදලා, මටම ගහන්න හදනවනේ..???

මිත්‍රයා ;-
නෑ යාලුවා. මම ගත්තෙ හරි තීරණේ. ඔයාව අර සoඝමිත්ත කියන හාමුදුරුවො නටවනවා. එයා ඔයාව රූකඩයක් කර ගෙන. එයා හදන්නෙ ඔයා ලවා, එයාගෙ අරමුණ ඉෂ්ට කර ගන්න.ඔයා ඒ අරමුණ ඉෂ්ට කළා. ඔයා මහා විහාරය විනාශ කරලා දැම්මනෙ..

මහාසේන ;-
ඒත් මම බාල කාලයේ ඉදන්ම මට ඉගැන්නුවේ...

මිත්‍රයා ;- 
මහා විහාරය වැරදි කියලද...???? මහා විහාරයේ හාමුදුරුවරු නිසා තමයි අපේ රටේ බුදු දහම අද දක්වත් ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේලා දිවි පරදුවට තබලා ශාසනය ආරක්ෂා කළා. විදෙස් ආක්‍රමණවලදී, රජවරුන්ට ජනතා පක්ෂපාතීත්වය ලබා ගෙන, රටට සාමය උදා කරන්න උදව් කළා. අහලා නැද්ද දුටුගැමුණු, වළගම්බා වගේ රජවරුන් ගැන..??? ඇයි ත්‍රිපිටකය..??? මේක ග්‍රන්ථාරූඪ කළෙත් උන්වහන්සේලා.ඒ නිසයි ධර්මය ආරක්ෂා වුණේ. මචන් උඹ කරපු ඒ වැරදි වැඩේ නිසයි, රටේ මිනිස්සු කලබල වෙලා ඉන්නේ..
එදා ඒ කූඩාරම ඇතුළේ කතා වුණු දේවල් මෙහෙම වෙන්න ඇති කියලයි මට හිතුනේ. එදා රෑ එළි වෙන්නට මත්තෙන් සියලුම දේවල් මහාසේන රජ්ජුරුවෝ, තමන්ගේ මිත්‍රයාගේ මාර්ගයෙන් දැන ගන්නවා. අන්න හොද යාලුවො ඉන්න එකේ වාසිය.. ඉතින් යුද්ධ කරන එක පැත්තකට දාපු මහාසේන, සියලුම ජනතාවගෙන් සමාව ගන්න ගමන්ම, මහා විහාරය තිබුණා වගේම ආයිත් හදලා දෙන්නත්, රටේ ජනතාවට පොරොන්දු වෙනවා. මේත් එක්කම සoඝමිත්ත හාමුදුරුවෝ අභිරහස් විදිහට ඝාතනය වෙනවා. මේක කරන්නේ රජ වාසලේ වඩු බාසුන්නැහේ කෙනෙක්, රජ බිසවගේ කොන්ත්‍රාත්තුවක් මත. මොකද සoඝමිත්ත තව දුරටත් ජීවත් වුණොත්, ඔසාමා බින්ලාඩන් 9/11 කළා වගේ ප්ලෑනක් ගහන්නත් බැරි නෑ. ථූපාරාමය චෛත්‍යය කඩන්න හදන කොට තමයි, පොරෝ පාරෙන් මැරෙන්නෙ. කොහොමින් කොහොම හරි මහා විහාරය ඉදි වෙනවා. රජතුමා තමන් කරපු වරදට දඩුවම තමන්ටම දීගන්න , මහා විහාරයට අයත් සීමාව තූළම අධික පිරිවැයක් දරමින් ජේතවනාරාම විහාර සoකීර්ණය ඉදි කරනවා.
ජේතවනාරාමය කේන්ද්‍ර කර ගෙන අභයගිරියේ සහ මහා විහාරයේ වගේම මහා විද්‍යා ප්‍රබෝධයක් ඇති වෙනවා. දෙස් විදෙස් ගිහි පැවිදි පිරිස්, අධ්‍යාපනය ලබන්න ඇදිලා එනවා. ජේතවනාරාම ස්තූපය ලෝකයේ තියෙන විශාලම ස්තූපයයි. ඒ වගේම විශාලතම ගඩොල් ඉදි කිරීමයි. ජේතවනාරාමය විශාලත්වයෙන් දෙවෙනි වෙන්නෙ, ඊජිප්තුවේ මහා පිරමීඩයට විතරයි. අඩි 400ක් උස මේ චෛත්‍යය හදන්න, පිහිටි ගල හමු වෙනකන් අඩි 26ක් ගැඹුරට අත්තිවාරමක් දානවා, ඕනෑම භූ චලනයකට ඔරොත්තු දීගන්න පුලුවන් විදිහට.අපේ රටේ හිටපු "ජේම්ස් එම(ර්)සන් ටෙනන්ට්" කියන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ සටහන් පොතක ජේතවනාරාමය ගැනත් සදහනක් තියෙනවා. ටෙනන්ට් ගණන් බලපු විදිහට ජේතවනාරාමයේ අත්තිවාරම දාන්න විතරක් අවුරුදු 3 1/2ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ජේතවනාරාමය නිර්මාණය කරන්න යොදා ගෙන තියෙන ගඩොල් ප්‍රමාණය 200 000 000කටත් වඩා වැඩියි. ටෙනන්ට් ඇස්තමේන්තු කරන විදිහට මේකෙ තියෙන ගඩොල් වලින් අoග සම්පූරණ ගෙවල් 8000ක් හදලා, හැතැප්ම භාගයක් දිග පාරවල් 30ක් නිර්මාණය කරන්න පුලුවන්. ඒ වගේම ලoඩන් නුවර ඉදලා එඩින්බරෝ වෙනකන් ඝනකම අඩි 1ක් වෙන, උස අඩි 10ක ප්‍රාකාරයක් හදන්නත් පුලුවන්. ඒ සටහනේ තියෙන විදිහට මේක හදන්න රන් පවුම් 10 000 000ක් විතර ගිහින් තියෙනවා (1845 බ්‍රිතාන්‍ය මුදල් ඒකක වලින්)ඉතින් බලන්නකො අපේ තාක්ෂණයේ දියුණුව. ජේතවනාරාමයේ ධාතු ගර්භයේ තැන්පත් කරලා තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ "පාත්‍රා ධාතුව"යි. ඒ කියන්නෙ බුදුන් වහන්සේ ආහාර වළදන්න ගත්තු බන්දේසිය නිධන් කරලා.

පස්සෙ කාලයක ජේතවනාරාමයෙන් බිහි වෙනවා "සාගලික" කියලා නිකායකුත්. මේ නිකාය පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මුල් අවධිය වෙනකන් තියෙනවා. මැද භාගයේදී ථේරවාදී,මහායාන,සාගලික යන ත්‍රෛ නිකායන් සමගි කරවලා, සoඝ සාමග්‍රීය ඇති කරන්න මහා පැරකුම්බාවන්ට හැකියාව ලැබෙනවා.
ඒ වගේම ගෝකණ්ණ විහාරය, මින්නේරිය විහාරය, ඒකකා පිල්ල විහාරය, ගගසෙන් ගල විහාරය, කලන්දක විහාරය, මාගම්ම විහාරය, මුවගම් විහාරය, රූපාරම්ම විහාරය, සුලුපිටි විහාරය, දාසෙන්ගල විහාරය, මනෝරම්ම විහාරය, ථූපාරාම විහාරය, නාකුම් වෙහෙර, කොක්වා මහා විහාරය, සදගිරි වෙහෙර, තටාක වෙහෙර, නාග පබ්බත විහාරය, අරිට්ඨ පබ්බත විහාරය, උදුම්බරා විහාරය, ගෝපකන්ද විහාරය, හිගුරන් පබ්බත ලෙන් විහාරය, සුරුගුරු විහාරය, මගුල් මඩු විහාරය, ගුණදම් විහාරය, ඕකන්ද විහාරය කියන සිද්ධස්ථානත් මහසෙන් රජ්ජුරුවන්ගේ අනුග්‍රහය යටතේ ඉදි වුණු ඒවා කියලා සැළකෙනවා.

මහාසේන රජ දවස, මහා වoශය රචනා කරන, මහා විහාරයේ, මහානාම හාමුදුරුවන්ගේ එක්තරා නරක පුරුද්දක් තිබුණා. මහා වoශය රචනා කරනකොට පක්ෂග්‍රාහීභාවයක් පෙන්නුම් කිරීම. අද ගත්තොත් හරියට ජැක්සන් ඇන්තනී, සූරියප්පෙරුම මහත්වරු වගෙයි. මේ කාරණාව නිසා මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරු ඉහළින් වර්ණනා කරලා තියෙනවා. පරිච්ඡේද 32න් 11කම පෙනී සිටිමින් දුටු ගැමුණු නිරිදු මහා වoශයේ වීරයා වෙන්නෙ අන්න ඒ නිසයි. ඒ වගේම මහා විහාරයත් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තු රජවරු ගැන දක්වලා තියෙන්නේ අල්ප මාත්‍රයෙන්. මේක ගැන මහා වoශය ගැන ලියපු ලිපියෙන් වගේම වළගම්බාවන් ගැන ලියපු ලිපියෙනුත් අපි කතා කළා. වළගම්බා වගේම මහාසේනත් මහා වoශයෙන් ඉවතට විසි වී ගියත්, මහානාම හිමියන්ට එක් කාරණයක් නිසා මහාසේන ගැන රචනා නොකර ඉන්න බැරි වෙනවා. ඒ වාරි කර්මාන්තයට කළ සේවාව නිසා. අද කාලේ වගේ නෙවේ ඒ කාලේ. අද කාලෙ නම් ඡන්දය දීලා ජනතා නියෝජිතයෙක් කියලා එක්කෙනෙක් පත් කර ගන්නෙ, බොහෝ දුරට තම තමන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න. එක්කො "වයින් ස්ටෝර්ස්" එකක් හරි "බාර්" එකක් හරි ඇර ගන්න. එක්කො මස් කඩයක් දා ගන්න. චූටි දුවව ඉස්කෝලෙකට දාගන්න. මල්ලිට "ජොබ්" එකක් ඉල්ලගන්න. නෝනව කොළඹට "ට්‍රාන්ස්වර්" කර ගන්න. එක්කො කාව හරි බාවන්න.

ඒත් ඒ කාලයේ මිනිස්සු ඕනෑම පාලකයෙකුගෙන් බලාපොරොත්තු වුණේ කාරණා දෙකයි. 

01. ආගම සoවර්ධනය කිරීම
02. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම
තමන් අතින් වෙච්ච අඩු පාඩු හදා ගෙන මහා විහාරය සහ ජේතවනය ඉදි කරන මහසෙන් රජ්ජුරුවෝ, වැව් අමුණු ඉදි කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළා.රට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මය. කෘෂි කර්මයෙන් සහල් නිෂ්පාදනය වෙනවා. සහල් කියන්නේ බත්. තුන් වේලටම අපි බත් කෑවා. මේ තමයි රටේ ආර්ථිකය. කෘෂිකර්මයට ජලය ඕන. ජලය නැතුව කරන්න බෑ. ජලය සැපයෙන්නෙ වැව් වලින්. වර්ෂාව නැති කාලයක් වුණත්, කුඹුරු කරන්න පුළුවන් වැව් ජලයෙන්. මේ තමයි අපේ රටේ ආර්ථිකය. ඒ තරමට වැව් වැදගත්. කාලිoග මාඝ අපේ රටට ආපු ගමන් කළේ වැව් ටික කඩාගෙන කඩාගෙන ගියපු එකයි. වතුර නැති වුණා. කෘෂි කර්මය කර ගන්න බැරි වුණා. කන්න නැති වුණා. මිනිස්සු බඩගින්නෙ මෙව්වා ගැනම හිත හිතා හිටියා, යුද්ධ කරන්නෙ නැතුව. මාඝ නිකන්ම රටේ බලය අල්ල ගත්තා.

ඉතින් මහාසේනත් නිකන් හිටියේ නෑ. පුළුවන් තරම් වැව් අමුණු හැදුවා. මින්නේරිය වැව එතුමාගේ විශාලතම නිර්මාණයයි. ඒ වගේම වැවක් තනලා දේවත්වයට පත් වුණු අපේ රටේ එකම පාලකයත් , මහසෙන් රජතුමයි. අදටත් ඒ පැතිවල හදුන්වන්නේ "මින්නේරිය දෙවියො" කියලා. ඒ වගේම ජල්ලුරු, ඛානු, මාමිනියා,  කොකවාත, තිභව, මොනර, පරක, කුම්බාලක, වාහත, රත්මල්කඩ, වෙලoවිට, මාගල්, සීරු, මහාකනදරා, කළුපහන් වගේ වැව් සහ පර්වත වගේ ඇලවල් නිර්මාණය කළා. තියෙන වැව් අමුණුත් ප්‍රතිසoස්කරණය කළා.

මේ නිසා මහසෙන් රජතුමා ඉතිහාසයට එක් වෙන්නෙ "
බොහෝ පිoද, බොහෝ පව්ද කළ රජ කෙනෙක්" විදිහටයි...!!!!!!
Picture
මින්නේරිය වැව
Picture
මින්නේරිය වැව
Picture
මින්නේරිය වැව

0 comments:

Post a Comment