Wednesday 10 April 2013

Posted by Unknown On 08:14


Pictureයාපහුව රාජධානිය අපිට ගොඩක් වැදගත්. පොළොන්නරුව මාඝගේ බලයට යටත් වෙන කාලයේ "සුභ" කියන සෙනවියගෙ මූලිකත්වයෙන් තමයි යාපහුව බලකොටුව නිර්මාණය වෙන්නෙ. මුලින්ම මේක හැදින්නුවේ "සුභ පබ්බත" කියලා. ඊට පස්සෙ ඒක "යහ පබ්බත" වෙනවා. ඊටත් පස්සෙ තමයි "යාපහුව" කියලා හදුන්වන්න ගන්නෙ. අපි 2 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගැන සාකච්ඡා කරපු ලිපියෙ සදහන් කළා වගේ, 4 වෙනි විජයබාහු රජතුමාගේ මරණයෙන් පස්සෙ, බුවනෙකබාහු කුමාරයා මේ බලකොටුවට, එහෙමත් නැත්නම් මේ රජ මාළිගාවට පැනලා එනවා.

2 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණය මර්ධනය කළෙත් බුවනෙකබාහු කුමාරයයි. දඹදෙනි රාජධානියේ 4 වෙනි විජයබාහු රජතුමාගෙන් පස්සෙ නීත්‍යානුකූලව රාජ්‍යත්වය භාර ගන්න බුවනෙකබාහු, යාපහුවේ ඉදන් රාජ්‍ය පාලනය කරනවා. මේත් එක්කම දඹදෙනිය රාජධානිය බිද වැටෙනවා. ඒ වගේම රටේ අග නුවර යාපහුවට මාරු වෙනවා. බුවනෙකබාහු රජතුමා යාපහුවේ පළවෙනි පාලකයයි.

යාපහුව තියෙන්නෙ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ. අපේ රටේ තියෙන බලකොටු අතරින් යාපහුව බලකොටුව දෙවෙනි වෙන්නෙ සීගිරියට විතරයි. යාපහුව රාජධානිය පවුරු, දිය අගල්වලින් ආරක්ෂා වෙලා තියෙනවා. මාළිගාවෙ හොද ජල ප්‍රවාහන ක්‍රමයක් තිබිලා තියෙනවා. බලකොටුවේ තියෙන සමහරක් කැටයම් වර්ග අනිත් කිසිම රාජධානියකින්, ප්‍රදේශයකින් හොයා ගන්න නැති තරම්. සුභ සෙනෙවියා යාපහුව නිර්මාණය කළේ හරියට ආලකමන්දාවේ වෙසමුණී රජ්ජුරුවන් වගේ ඉන්න කියනවලුනෙ. ඒත් යාපහුවේ ඉතිහාසය ඈත අතීතයට දිව යන එකක්. ක්‍රි.පූ 3 වන සියවසේ ඉදන්ම එතන භික්ෂූන් වහන්සේලා වැඩ හිටියා කියලා සෙල්ලිපිවල සදහන් වෙනවා.
අපේ රටේ යාපහුව රාජධානිය ඉතිහාසගත වෙන්නෙ එකම එක පාලකයෙක් පමණක් රාජ්‍ය පාලනය කරපු රාජධානිය විදිහට. රාජධානියක් විදිහට 1 වන බුවනෙකබාහු රජතුමාගෙන් ආරම්භ වෙන යාපහුව රාජධානිය, 1 වන බුවනෙකබාහු රජතුමාගෙන්ම අවසන් වෙනවා. ඒක නිසා මුළු යාපහුව රාජධානියටම හිටියෙ එකම එක පාලකයයි. බුවනෙකබාහු රජතුමාගෙන් පස්සෙ අපේ රටට දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදා වෙනවා. මේ ව්‍යසනය අවුරුදු 4ක් යනකන්ම තියෙනවා. 
ලොකු සාගතයක් ඇවිල්ලා මිනිස්සු සිය දහස් ගණනක් මැරෙනවා. ඒ වගේම යාපහුව බල ප්‍රදේශයට "ආර්ය චක්‍රවර්තී" කියලා නායකයෙක්ගේ මෙහෙය වීමෙන් පාණ්ඩ්‍ය හමුදාවකගේ ආක්‍රමණයක් එල්ල වෙනවා. දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ පාණ්ඩ්‍ය දේශයට අරගෙන යනවා. මේත් එක්කම යාපහුව රාජධානිය අභාවයට යනවා.

0 comments:

Post a Comment